ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය පවුලකට අයිති මුද්‍රිත මාධ්‍ය ආයතනයක හිටපු සියලුම අධ්‍යක්ෂවරු ඉල්ලා අස්වුනාලු.
අන්තිමට දැන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතුරු වෙලා ඉන්නේ වියපත් වැදගත් පියා සහ පාලක පුත්‍රයා විතරලු. ඒ අනුව පත්‍ර සමාගම පුත්‍ර සමාගමක් බවට පත් වෙලා ලු.
මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් හිටියෙ මේ සමාගම නිර්මාණය කිරීමට මුල්වු රටේ නම් දරු ප්‍රධානම පුවත්පත් කතුවරයෙක් , ගණකාධිකාරීවරයෙක් සහ තවත් වැදගත් පවුලක මහත්මයෙක්.
මේ අය එකපාරට ගෙදර ගියේ සමාගමේ C.O.O. හැටියට දාලා ඉන්න ජල්තරවලට ප්‍රකට පුද්ගලයාට විරෝධය පළ කරන්නලු.
අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වීමට ආසන්න හේතුව වුණේ සමාගම විසින් පාරිභෝගිකයන්ගෙන් අයකර කරගන්නා ලද රුපියල් ලක්ෂ 3300 දැවැන්ත වැටි බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා වංචා කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙන්වා එහි නියෝජ්‍ය කොමසාරිස් රාජකරුණා මහතා විසින් වහාම මෙම මුදල් ගෙවන ලෙස කරන ලද නියෝගයෙන් පසුව ලු.
එහෙත් යටකී නිලධාරියා විසින් එම මුදල් වාෂ්ප කරල ලු. එසේම මාසිකව සේවක වැටුප් ගෙවීමට ඇති මුදලින් රුපියල් මිලියන 30ක් (ලක්ෂ 300ක්)
අනීතික ලෙස ලබා ගැනීමට ද කටයුතු කරමින් හදිසියේ රට පැණීමට සූදානම් වන බවටද සමාගමේ ජේෂ්ඨයන් අතර කතාවක් පැතිර යමින් තියනවා.
ඒ අතරතුර මෙම සමාගමේ සේවකයන් දහසකගෙන් පමණ මාසිකව අයකර ගන්නාවු EPF සහ ET F අරමුදල් රුපියල් කෝටි ගනනක් කම්කරු දෙපාර්තමේන්තුවට නොගෙවා වෙනත් වංචනික ගනුදෙනු සඳහා යොදවා ගැනීමට C.O.O.දරන උත්සාහයට විරෝධ පල කිරීමත් මෙම ඉවත්වීමට හේතුවක් වග වාර්තා වෙනවා.
COO තනතුරු දරන පුද්ගලයා මෙලෙස ඉවත් කරගන්නා මුදල් රුපියල් කෝටි ගණන් මුදල් විශුද්ධිකරණයට යොදවන බව සමාගමේ අධ්‍යක්ෂවරැන්ට දැනගැනීමට ලැබුණු පසු ඔවුන් මෙම තීරණය ගෙන ඉවත්ව ගියේ EPF සහ ETF අරමුදල් වංචා කිරීම අපරාධමය වරදක් වන බැවින් අධ්‍යක්ෂ මණ්ඩලයට සිරගත වීමට සිදුවෙයි කියලා බියෙන් ලු.
මෙම ඉවත් වීමබන්ධව අදාළ සමාගමේ සේවකයන් ගෙන් තොරතුරු සගවා ගෙන සිටීමට නියෝජ්‍ය සභාපතිවරයා සහ රත්න කුමාර තැත් කලත් සමාගමේ හෝකන්දර මුද්‍රණ අංශයේ සේවකයන් සියල්ල දැනගෙන ඉදිරියේදී මේ පිළිබඳව රත්න කුමාර ගෙන් ප්‍රශ්න කිරීමට සැරසෙනව ලු.
එසේම තමන්ට හිමි අර මුදල් වංචා කරන මෙම තැනැත්තාට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට දැන් තරුණ සේවකයින් 280 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රහසිගතව සැරසෙන බවත් ඊට නායකත්වය ලැබෙන්නේ හෝකන්දර මුද්‍රණ අංශයෙන් බවත් කියැවෙනවා.
COO නිලධාරියා සමග මෙම කටයුතුවලට දායක වන තරංග, තිස්ස, පතිරණ ආදී පිරිසක් වෙතද මම විරෝධය එල්ලවී තිබෙනවා.

