කලක් දිවයිනේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය ලෙස වැජඹුණ සමාගමක් සිතා මතා බංකොලොත් කොට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන දූෂිත විධායක නිලධාරියකුගේ මෙහෙයැවීමෙන් එම ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන ප්‍රකාශන තුනක් ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට ක්‍රියා කරමින් සිටින බව එහි සේවකයෝ පවසති.
*මෙහි මූලික පියවර වශයෙන් අදාල පුවත්පත් සඳහා වැඩ බැරි කර්තෘවරුන් පත් කිරීම මුලින්ම සිදු කෙරේ. දැනටමත් වසා දැමීමට රහසින් යෝජනා කර ඇති කාන්තා පුවත් පතකට සහ තවත් පුවත්පතකට එබඳු කර්තෘවරුන් දෙදෙනකු පත් කොට තිබේ.
*මෙහි දෙවන පියවර වන්නේ කාර්යාල ස්ථාන මාරු කිරීමයි. මෙම ආයතනය විසින් මෙයට පෙර වසා දමන ලද ප්‍රධාන පෙලේ සිංහල පුවත්පත් දෙකකද කාර්යාල එලෙස වාර තුන හතරක් ස්ථාන මාරු කොට සේවකයන්ට ආයතනය එපාවන තැනට වැඩ කටයුතු සංවිධානය කෙරිනි.
*තුන්වෙනි පියවර වන්නේ වැටුප් ගෙවීමප්‍රමාද කිරීමයි. මේ වසරේ ගතවු මාස දොළහට සේවක වැටුප් ගෙවා ඇත්තේ මාස එකොළහක් පමණක් බව සේවකයෝ පවසති. ඉතිරි මාසයේ වැටුප වසර මූල ඇස්තමේන්තු කර තිබුණද සේවකයන්ට නොගෙවා ආයතනයේ ප්‍රධානින් දෙදෙනෙකු යටි මඩි ගසාඇතැයි සේවකයෝ කියති.
*සිව්වන පියවර වන්නේ සමාගමේ දූෂණය පිළිබඳව කප් ගැසු නිලධාරියෙකු විසින් තමන්ගේ සට්ටැබියකු වන දැන්වීම් අංශයේ උපදේශකයෙකු ලවා එකී පුවත්පත් අලෙවි නොවන බවත් ඒවාට දැන්වීම් සොයාගැනීම අසීරු බවත් ප්‍රචාරය කිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පුවත්පත මුද්‍රණය කරන දින ගණන අඩු කිරීම සිදුකෙරේ. දැනටමත්.ප්‍රධාන පෙළේ සිංහල පුවත්පතක සෙනසුරාදා මුද්‍රණය නතර කිරීමට යෝජනා කර තිබේ.
*අවසාන වශයෙන් දූෂිත විධායක මෙහෙයුම්කරු ප්‍රසිද්ධියේ මෙලෙස ප්‍රකාශ කරයි. "ඔය පත්තර ලාභදායි මාධ්‍යක් නොවෙයි, කොපි පොත් ගැසීම සහ විශ්ව විද්‍යාල(ළමුන් නැති) පවත්වාගෙනයාම ලාභදායකයි. එනිසා ඒවාට මුල් තැන දිය යුතුයි "කියා තවදුරටත් වැටුප් ප්‍රමාද කරයි.
ඒ අතර වැටුප් ගෙවීමට තිබෙන මුදල යොදවා වැඩිපුර කඩදාසි සහ විවිධ වර්ගයේ මැෂින් මිලදීගෙන ගාන කපා ගනිති.
මෙම දූෂිත මෙහෙයුමි පිළිබඳව සමාගමේ නිර්මාතෘ සහ සභාපතිවරයාට කිසිදු ගිණුම් විස්තරයක් නොසපයන ලෙස ගිණුම් අංශයට අදාළ දූෂිත නිලධරයා විසින් නියෝග කොට තිබේ.
ඔහුගේ ක්‍රියා කලාපය වෙනුවෙන් පෙනී සිටින්නේ ගබඩා භාරකරු, යට කී දැන්වීම් උපදේශකයා සහ නඩු පරදින කාන්තාවක් සහ තවත් දෙනෙකු පමණි.
පවත්නා තත්ත්වය පිළිබඳව කැළඹීමට පත්ව සිටින සේවකයන් ලඟදීම වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන වෘත්තීය සමිති අරගලයකට සැරසෙන බවත් ඊට ප්‍රධාන දේශපාලන පක්ෂයක වෘත්තිය සමිති අංශයේ සහාය හිමිවන බවත් වාර්තාවේ. ඔවුන්ගේ ප්‍රධාන සැලසුම වන්නේ මිට පෙර රාජ්‍ය සංස්ථාවක සේවය කරද්දී එහි සේවකයන් විසින් පලවා හරින ලද ආකාරයටම මෙම දූෂිත තැනැත්තා පලවා හැරීම
බවද සේවකයෝ පවසති.
මොහුට සහායදෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ මණ්ඩලයේ ප්‍රබලයකුගේ පවුලේ සාමාජිකාවකටද සේවක විරෝධය එල්ලවෙමින් පවතින එම ආයතනයේ ආරංචි මාර්ග කියයි.

