ඩුබායි සිට දයාසිරිගෙන් චාමර සම්පත්ට හදිසි ඇමතුමක්

ඩුබායි සිට දයාසිරිගෙන් චාමර සම්පත්ට හදිසි ඇමතුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට හදිසි දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

පසුගිය 14 වැනි දා ඩුබායි හි සිට දයාසිරි ජයසේකර විසින් මෙම දුරකථන ඇමතුම ලබාදී ඇති බව සඳහන් .

එදින ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කරන ලද අදහස් දැක්වීමක් පිළිබඳව අදාළ වීඩියෝ පටයක් දයාසිරි මන්ත්‍රීවරයාගේ හිතවතුන් දෙතුන් දෙනෙකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් ඩුබායි හි සිටි දයාසිරිට යොමු කර තිබෙනවා.


එම වීඩියෝව බැලීමෙන් අනතුරුව දයාසිරි, චාමර සම්පත්ට දුරකථනයෙන් කතා කොට තිබෙනවා.

ඊට පෙර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්ට යොමු කරන ලද ලිපියක් වට්ස්ඇප් මාර්ගයෙන් දයාසිරි, චාමර සම්පත්ට එවා තිබෙනවා .

සමගි ජන බලවේගයේ මහලේකම් විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට යවන ලද ලිපියක පිටපතක් මෙසේ දයාසිරි විසින් ඒවා ඇති බව සඳහන්.

එම ලිපියේ සඳහන් වන්නේ 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා සෘජුවම තරඟ කළ දේශපාලන පක්ෂ හෝ සහ වෙනත් කණ්ඩායම් දේශපාලන පක්ෂ සමඟ සන්ධානගතව තරඟ කරනු ලැබීම සනාථ කිරීම පිළිබඳවයි.

එහි දක්වා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුමක් ඇතිව සමගි ජන බලවේගයේ පක්ෂයේ දුරකථනය ලාංඡනය යටතේ තරඟ කළ බවයි.

ඒ අනුව ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් වෙනවා.

මෙම ලිපිය වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කිරීමෙන් අනතුරුව චාමර සම්පත්ට දුරකථනයෙන් කතා කළ දයාසිරි පවසා ඇත්තේ ඔයා එදා පක්ෂ මූලස්ථානයේදී කරපු කතාවට මං ඔන්න සමගි ජන බලවේගයේ මහලේකම් මැතිවරණ කොමසාරිස් ජනරාල්ට යවපු ලියුම එව්වා.

එතකොට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස තමයි පිළිගෙන තියෙන්නේ. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අදාල තනතුරු සම්බන්ධයෙන් මට ගැටලුවක් වෙන්නේ නෑ.

ඒක මේ ලියුමෙන් පැහැදිලිව පේනවා. ඔයා ගෑස් සිලින්ඩරයෙන් තමයි තරඟ කළේ.

මට එල්ල කරන තර්කයට අනුව එතකොට ඔයාටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ගන්න බෑනේ.

ඒ නිසා මේවා දැනගෙන කතා කරන්න යනුවෙන් දයාසිරි ජයසේකර, චාමර සම්පත්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එම දුරකථන සංවාදයෙන් අනතුරුව චාමර සම්පත්, දයාසිරිට ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණි පසු හමු වී මේ පිළිබඳව සාකච්ඡා කරමු කියායි.


(hirunews)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න