Image

තරග පාවා දුන් කිසිවකුට ඇප නැහැ

තරග පාවා දුන් කිසිවකුට ඇප නැහැ

තරග පාවාදීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඊයේ (27) ප්‍රතික්ෂේප කරන ලදී.

සිද්ධියට අදාළව ඉකුත් (24) වන දින සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ කේ. ඩබ්. එස්. ප්‍රනාන්දු විසින් අධිකරණයට ගොනුකර තිබූ මෝසමකට අදාළ නියෝගය ඊයේ (27) ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා එලෙස ඇප ප්‍රතික්ෂේප කළේ ය.

තම සේවා දායකයින් දෙදෙනා රෝගී තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරයා එම මෝසම මඟින්  අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. නමුත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනකි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2026 LPL තරගාවලියේ තරග පාවා දීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බැවින් ඇප ප්‍රතික්ෂේප කරන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න