Image

සළුසල හිටපු සභාපතිට ඇප!

සළුසල හිටපු සභාපතිට ඇප!

ලංකා සළුසල ආයතනය මගින් රජයට හිමි විය  යුතු "වැට් බදු" ගෙවීම පැහැර හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  අධිකරණය හමුවේ පෙනී සිටි එම ආයතනයේ  සභාපති  දිනුක් ඈස්ලි විජේසිංහ රුපියල් ලක්ෂ පහක ශරීර  ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඊයේ (21)  නියෝග කළේ ය.

මෙම ඇපය නියම කළේ ලංකා සළුසල ලිමිටඩ් ආයතනය 2017 වර්ෂයේ සිට 2023 වසර දක්වා වැට් බදු ගෙවීම පැහැර හැර ඇති බවට සඳහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින්  ලංකා සළුසල සභාපතිවරයා වගඋත්තරකරු කරමින් පවරන ලද නඩුව කැඳවූ අවස්ථාවේ දී  ය. වග උත්තරකාර සභාපතිවරයා අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සළුසල ආයතනයේ රුපියල් මිලියන 45ක බදු ගෙවීම පැහැර හැර ඇති බව ය. 2017 -2023 වර්ෂා වර්ෂවලට අදාළව වැට්බදු ගෙවීම මෙසේ පැහැර හැර ඇති බවත්, බදු ගෙවීම සම්බන්ධයෙන් වග උත්තරකාර ආයතනය දැනුවත් කර ඇති බවත් පැවසී ය.

සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා  කරුණු දක්වමින් කියා සිටියේ හිඟ බදු ගෙවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතින බව යි. බදු ගෙවීමට අදාළව මුදල් ලබා ගැනීම සඳහා කැබිනට  පත්‍රිකාවක් යොමු කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ද පැවසී ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා බදු ගෙවීමේ ප්‍රගතිය දෙසැම්බර් 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් වග උත්තරකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න