මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ පවසයි.
ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී සිදුකළ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක දී අධිවේගී මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු, වෙනත් බස්වල රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් ඇතුළු නව දෙනකු විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණය වී ඇත.
මීට අමතරව කොන්දොස්තර බලපත්‍ර නොමැතිව සේවයේ යෙදුණු කොන්දොස්තරවරුන් තිදෙනකු ද හමු වී ඇති බව කී ඔහු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, හෝමාගම පොලිසිය, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය හා එක්ව මෙය සංවිධානය කළ බව සඳහන් කළේ ය.
අධිවේගී මාර්ගයේ සහ සාමාන්‍ය මාර්ගවල මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 152 මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි දී රියදුරන් සිව් දෙනකු සහ කොන්දොස්තරවරුන් පස් දෙනකු ඇතුළු නව දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වී ඇති අතර ඔවුන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
