කේරල ගංජා සමඟ රයන්ගේ මෝටර් රථය පොලිස් අත්අඩංගුවේ !

කේරල ගංජා සමඟ රයන්ගේ මෝටර් රථය පොලිස් අත්අඩංගුවේ !

මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් ඩුබායිහිදී අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම ⁣මූලස්ථාන පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සුරන්ජි සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිගේ ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම් 5750 ක් හමුවී ඇති බවද වාර්තා වෙයි.

එසේම මෙම මෝටර්රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවත් වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ සිදුකරයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න