මහරගම තුරුණු පොසොන් කලාපය ඇරඹේ !

මහරගම තුරුණු පොසොන් කලාපය ඇරඹේ !

මෙවර පොසොන් පොහොය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන "ජාතික තුරුණු පොසොන් කලාපය" ඊයේ (13 ) පස්වරුවේ ආරම්භ විය.

ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම පොසොන් කලාපය තුල සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා, පහන් කූඩු නිර්මාණ, පොසොන් බැතිගී, රේ දම්දීමේ පිංකම පොසොන් දන්සල් ඇතුළු අංශ රැසකින් යුක්තය.

පොසොන් පොහොය වෙනුවෙන් මෙවර නෙත් එෆ් එම් රේඩියෝව පවත්වන ශ්වේත පූජා සජීවි විකාශය ගෙන එන්නේද මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සිටය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධමධ්‍යස්ථානයේ සිට වැඩම කරන ලද අති ගෞරවණීය ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ඊයේ (13) දහවල් කාලයේදී මහරගම විපශ්‍යාරාම විහාරස්ථානයේ සිට ඉතා විචිත්‍රවත් පෙරහරකින් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයෙහි නිර්මාණය කර ඇති ජාතික තුරුණු පොසොන් කලාපයේ සුගන්ධ කුටිය වෙත වැඩම කරනු ලැබුවහ.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ මැතිතුමා ප්‍රමුඛ ජාතික තරුණ තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් ඇතුළු තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පහන් කූඩු ඇතුළු අංශ රැසකින් විචිත්‍ර වූ ජාතික තුරුණු පොසොන් කලාපය අද පස්වරු 06.30 ට පමණ ජනතාව වෙත විවුර්ත වනු ඇති බව සංවිධායකයන් වැඩිදුරටත් සඳහන්කර සිටියි.

62197474 2286275658304013 1649837319399669760 nghh

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න