Language Switcher

V2025

සංවිධායක කැපිල්ල...............

hemalayaඋදා වෙමින් පවතින තත්වය තුළ ඉදිරියේදී කුමකින් කුමක් සිදුවේදෝයි අහස පොළව ගැටලමින් කල්පනා කරමින් සිටි බැසිල් සිතුවේ මෙදා පාරත් රාජපක්ෂ තියා එහෙම නමක් ගෑවුණ එකෙකුටවත් අරලියගහ මන්දිරය ළගිනවත් යන්නට සිදු නොවන බව ඒකාන්ත බවයි. 11 වැනිදා ගෙදර නැහැදිච්චම එකා මේ රටේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් එය වඩාත් තහවුරු වූ බව දැනගත් රාජපක්ෂ සහෝදරයා තනිවම පක්ෂය ගලවා ගැනීමට ම`ගක් සොයමින් සිටියේය. ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය ගෝටා නම් කළ දා සිට පැත්ත පළාතේ නොගිය බැසිල් සහෝදරයා ඒ වෙනුවට විවිධ පුද්ගලයන් සම`ග දේශපාලන ඞීල් දාගන්නට උත්සාහ කෙරුවේ සහෝදරයාට කෙළවෙන බව සක්සුදක් සේ දැන ගෙනය.

බැරි වෙලා හෝ මේකාට ජනාධිපති කම ලැබුණොත් මුලින්ම කපා දමන්නේ තමන්ගේ බෙල්ල බව දැනගත් ඔහු ඒ බව සිතමින් නිවසෙන් එළියට තමන් මහන්සියෙන් හරි හම්බ කර ඉදිකළ මල්වානේ නිවසට අත් වූ ඉරණම පිළිබදවද සිතමිනි. ඉර තරමක් නැගෙමින් තිබුණු නිසා රාජක්ෂ සහෝදරයා පසුකර ඉර එළිලය ගලායන්නට වූයෙන් හේමලයා බිමට ප‍්‍රාතිර්භූර්ත විය.

මේ දැන්ම තියාම කැපිල්ල නේද?

තමන්ගේ හිතේ තියෙන දේ තමන්ගේ හිත ඇර වෙන දන්නේ මොකාදැයි වට පිට බැලූ බැසිල්ට කිසිවකු පදකින්නට ලැබුණේ නැත. එකත් එකටම ජනාධිපති අපේක්ෂකයා තමන්ගේ හොර ඇල්ලීමට මොකෙක් හෝ එවා ඇතැයි සිතූ ඔහු මල් ප`දුරු එකින් එක පිරික්සන්නට වූයේ ඒ කොහෝ හෝ මේකා හැංගී සිටීදැයි විපරම් කරමිනි.

 කැපිල්ල හින්ද නේද ගියේ නැත්තේ ?

කතාව ඇහෙන්නේ තමන්ගේ පසුපසින් බව දැනගත් බැසිල් ආපසු හැරී බලද්දී තමන්ගේ හේමලයා දුටුවේය.

මම ඇහුවේ දැනටමත් කැපිල් පටන් අරන් නේද?

තමන්ගේ හේමලයා වුණත් මූටත් ඇත්ත කතාව කිව යුතු නැතැයි සිතූ ඔහු බේගලයක් ඇද බාන්නට විය’

මොන කැපිල්ලද .

ඇයි ඉතිං ඔය ජනාධිපති අපෙක්ෂකයා දැන් අර හොර අගමැතිතුමාවයි උන්දැගෙ බිරින්දැයි ඉස්සර කොරං යන්නේ. කෝ ඔබතුමා නිකමටවත් පේන්න නෑනේ.

ආ. ඒකද? ඒක කැපිල්ල නොවෙයි. මම හිතලමයි ඒවට නොයා ඉන්නේ

ඒ මොකද?

වැඩක් ඇති දේවල්වලට යන්න එපැයි.

ඒ කියන්නේ දැන් ඔය යන එක වැඩක් නෑ කියලද?

කොහෙද වැඩක් තියෙන්නේ? අපේක්ෂකයා නම් කරනකොටම මම දැන ගත්තා වැඩක් වෙන්නේ නෑ කියලා.

ඒ කියන්නෙ තමන්ගෙ සහෝදරයා ගැනවත් විශ්වාසයක් නැද්ද ?

මොන විශ්වාසයකද? ඔයිට වඩා හොදයි අර සිරිසේනට ජනාධිපති අපෙක්ෂක කම දුන්නනං.

එතකොට දැන් පක්ෂෙ සංවිධායක විදියට වැඩ කරේ සහෝදරයා අපේකෂකයා කරන්න නෙවෙයිද?

සහෝදරයා අපේක්ෂකයා කෙරුවට වැඩක් තියෙනවද? දැන් පේනවනේ වෙන දේ. කටවුට් ටික ගලෝනවා. අපේක්ෂකයා හැංගෙනවා. නිකං නාගත්ත එක විතරයි.

එතකොට කවුද එයාව අපේක්ෂකයා විදියට පත් කෙරුවේ.

කවුද ඉතිං අර ගංජ කාරයයි. ගොඩහේවයි දෙන්න තමයි මහින්ද ලොකකගෙත් ඔලූව කෑවේ. නැත්නම් අගේට හොද කෙනෙක්ව දාන්න තිබුණනේ.

දැන් එයාට නොමිනේෂන් හම්බවෙයිද?

ඇමරිකන් කාරයෙකුට මෙහේ ඡුන්ද ඉල්ලන්න බෑනේ. මම සිංහලේට කිව්වා. වෙන කෙනෙක් දාමු කියලා. කොහෙද අහන්නෙ නෑනේ.

කවුද ? අර හොර අගමැතිද ?

එයාටත් වඩා එයාගෙ පුතාලා.

ආ. ඇයි එයාලා ඔයා කියන දේ අහන්නේ නැද්ද ?

ගිය පාර පැරදුනේ මම හින්ද කියලනේ එයාල කියන්නේ. ඒක හින්ද මේ පාර එයාලට ඕන විදියට තමයි වැඩ. මම පැත්තක. බලමුකො කවුද දිනන්නේ කියල.

ඇත්තටම කවුරු දිනයිද?

දිනන්න චාන්ස් එකනම් අපට තිබුණා. කොහෙද පටන් ගද්දිම කෑවනේ.

ඒ කිව්වේ ?

දැක්කෙ නැද්ද අර ස්ටේජ් එක. තිනිකරම මැදමුලන වලව්ව.

ඉතින් හොදයිනේ?

ත්‍හාද කොහෙද ගග මිනිස්සුන්ට පෙන්නන්න ඔනේ මේක රාජක්ෂලගේ බූදලයක් නෙමෙයි කියන එක. හඑතකොට තමයි මිනිස්සු පැහැදෙන්නේ.

ඒ වුණාට දැන් ඉන්න පාක්ෂකයෝ කැමති රටම රාජපක්ෂ බූදලයක් වෙනටනේ ?

එහෙම මී හරක් පාක්ෂකයො හින්ද තමයි මෙහෙම වෙලා තියෙන්නේ. උන් එහෙම හිතුවට මේ රටේ යමක් කමක් තේරෙන උන් එහෙම හිතන්නෙ නෑ. උන්ගෙ හිත දිනාගන්න නං ඒ විදියට වැඩ කරන්න ඔනේ. නැත්නං වැඩක් නෑ.

දැන් අර උතුරේ ගිහින් දෙමළ අයත් එක්ක සාක්ච්ඡා කළා නේද?

ඔව්’ සාකච්ඡා කළා තමයි. ඒත් දැන් ඒ මිනිස්සුත් අපිත් එක්ක එකතු වෙන එක නවතිනවනේ මේ අපේක්ෂකයා හිනිද්ා.

කොහොමත් ඉතිං ඔයාලා සිංහල බෞද්ධ ඡුන්දනේ ඉල්ලන්නේ ?

ඔහෙම ඉල්ලලා ඡුන්දයක් දිනන්න පුලූවන්ද? අනික කවුද ඔය සිංහල බෞද්ද ඡුන්ද ඉල්ලන්නේ.

ඇයි අර විමල්. ගම්මන්පිල

ආ එයාලාද ? එයාලා ඔය නිකං සක්ක කෑලි විතරයි. අනික ඒයාලා කියන ඒවා කවුද ගණන් ගන්නේ.

දැන් තර්ටීන් ප්ලස් දෙන්න කැමති වුණා නේද?

ඔව්.

ඉතින් දෙනවද?

දෙන්නෙ කොහෙද මෙහෙම එකෙක් ජනාධිපති කරගෙන.

දැන් එතකොට බැසිල්ට මොකද වෙන්නේ ?

මොකද වෙන්නේ කියලා තව ටික දවසකින් බලා ගන්න පුලූවන්.

පොහොට්ටුව දිනවනවද?

මටනම් දිනවන්න වුවමනාව තියෙනවා. ඒත් අපේ ලොක්කට නෑනේ ?

ලොක්කට කිව්වේ ?

මහින්දට

ඒ මොකද ?

ඒ මොකද කියල මගෙන් අහන්න එපා. හමුබවුන වෙලාවක එයාගෙන්ම අහපං එතකොට කියයි.

කියමින් බැසිල් ගෙට ගොඩ වැදුණේ පොහොට්ටුව පිපෙන්නට කලිං පරවෙන්නේ තමන්ගේ උංගේ උද්දච්ඡ කම නිසාම නේදෝයි තමන්ටම කියා ගනිමිනි.

අසංක ධර්මශ්‍රී