පිස්සුද ? හැටිද?

පිස්සුද ? හැටිද?

hemalayaපොහොට්ටුවේ තරුණ සමුළුව අවසන් කර නිවසට පැමිණි ජනාධිපති අපේක්ෂකයා මේ රටේ තරුණයින් කියන වුනුත් මේ තරම් මී හරක් නම් අනික් එවුන් ගැන කවර කතා දැයි සිතා මහ හයියයෙන් සිනාසෙන්නට විය. මාධ්‍යවේදීන් එකෙක්වත් ඇතුළට වද්දා නොගෙන තමන්ගේම උන්ට කියා ප‍්‍රශ්න අසාගෙන දවස් ගාණක් පුරුදු වූ උත්තර පොරක් සේ දේද්දී ඊට හුරේ දැම්ම තරුණ සමුළුවට ආ තරුණයන් එකත් එකටම ගංජා ගසා හෝ ගුලි කා සිටින්නට ඇතැයි සිතූ පොහොට්ටුවා මෙහෙම උන් ඉද්දී ජනාධිපති වෙන එක කජ්ජක්දැයි තමන්ටම කියා ගන්නට විය.

 මැණික් ගග ඉහත්තාවේ තමන් දුක් මහන්සියෙන් උපයා ඉදිකළ පොඩි පැල්පතට වී නින්දක් නිදා ගන්නට ඇත්නම් සිතූ ජනාධිපති අපේක්ෂකයා මේ වෙලාවේ ඒ පැත්තේ යාම නුවනට හුරු නැති බව සිතා ඒ අදහස අත් හැරගන්නට වයි. තමා ජනාධිපති වූ විගසම ඒ නිවස තමන්ගේම බව පවසන බවත් ඒ ගැන ප‍්‍රශ්න කරන්නට එන මාධ්‍යවේදීන් තමන්ගේ උන්ට කියා ලසන්න ගිය දිහාටම යවන්නට හැකි බවත් සිතූ අපේක්ෂකයා ජනේලයේ තිරය ඈත් කළේ අහල පහල පාක්ෂකයින්වත් තමන් හමුවන්නට ඇවිත් ඇද්දැයි දැකගනු රිසියෙනි.

 පාක්ෂකයෙක් තියා කාක්කෙවත් තමන් හමුවන්නට ඇවිත් නැති බව දුටු අපේක්ෂකයා මුන්ට අර මහින්දයම තමයි ලොකු. පෙන්නම්කො කවුද ලොකු කියලා ඉලෙක්ෂන් එකෙන් පස්සේ යයි කියමින් ශීතකරණට දිහාවට ඇදෙන්නට වූයේ මොනවාගෙන් හෝ තොල කට ටිකක් තෙමා ගන්නටය.

දැන් අර වැඬේ ගොඩද ?

එලියේ කාක්කෙක්වත් හිටියෙ නැති එකේ දැන් ඉන්නෙ මොකාදැයි සිතූ අපේක්ෂකයා මොකෙක් හෝ තමන්ට කඬේ යන එකෙක් වන්නට ඇතැයි සිකා නැවත ජනේලයෙන් එබී බැලූවේ ඒකා මොන වගේ මී හරකෙක්දැයි හරියටම දැනගන්නටය. එහෙම මී හරකෙක් තියා මැස්සෙක්වත් නැති තැන දත්මිටි කමින් ආපසු හැරුණ අපේක්ෂකයා එතකොට මේ කතා කෙරුවේ හොල්මන්දැයි කල්පනා කරන්නට විය.

ආණ්ඩුවේ සල්ලිවලින් හදා තමන්ගේ වැඩක් විදියට පෙන්වූ දෙමව්පියන්ගේ කෞතුකාගාරෙන් තාත්තාවත් ඇවිද්දැයි සිතූ ඔහු ඉක්මණට ගොස් දොරේ ලොක් එක දැම්මේ හොල්මන්වලට තියා හුළගකටවත් එන්න බැරි වෙන ලෙසිනි.

මම ඇහුවේ අර ඇමරිකාවේ පුරවැසිභාවෙ ගැන ?

ජනේලයෙන් වැටෙන් ඉර එළිය තමන් විනිවිද ගොස් බිත්තියේ පතිතව ඇති හේමලයා ඔහු දුටුවේ එවිටය.

ආ පුරවැසිභාවෙද ? ඒක මම අප්‍රේල් වලනේ අයින් කර ගත්තේ .

එහෙනං අර මේ මාසේ රිපෝට්වලත් නම නැත්තේ ෙ

නම තියෙන්නම ඕනෙ නෑනේ මම අයින් කරගත්තා. ඒක මේ රටේ අපේ පවුලට කඬේ යන උන් පිළි ගන්නවා. අනිත් උන් පිළිගත්තෙ නැති වුණාට කමන් නෑ.

ඒ වුණාට ඉතිං ඩුවල් සිටිසන් තියෙද්දි ජනාධිපති නාමයෝජනා දෙන්න බෑනේ ?

කවුද බෑ කියන්නේ. අපිත් එකක් ඉන්න උන් අපි කියන ඕන දෙයක් අහනවා. නාම යෝජනා ගන්න බෑ කියලා මැතිවරණ කොමසාරිස් කිව්වොත් අපි ඒ ඔෆිස් එක වටලනවා.

වැටලූවට නීතිය වෙනස් වෙන්නේ නෑනේ.

හරි හරි ඒ වටලද්දි මගෙ අතුරුදන් කිරීමේ සෙට් එකේ එකේක දාලා දෙන්නකෙුට විතර වැටෙන්ඩම කියලා දානවා.

අහිංසක මිනිස්සුනේ ?

මෙච්චර කාලෙකුත් අපි අතුරුදහන් කෙරුවේ එහෙම උන් තමයි. කෝ හෙනවත් තියනවද? අලි වැඩ කරන්නෙ අපේ වාසියට.

හරි දැන් එහෙම මැරුණොත් ?

මැරුණාම මිනිස්සු ඇවිස්සෙනවා ආණ්ඩුවට විරුද්ධව. එතකොට අපේ නෑනව දානව ජනාධිපති අපේක්ෂකයා විදියට උඩින්ම දිනනවා.

මාර ප්ලෑන් නේද?

මේව මැදමුලනේ ප්ලෑන්.

ඒත් ඉතිං මිනිස්සු මරාගෙන ?

අපි කොහොමත් ආවේ මිනිස්සුන්ගේ මිනී උඩින් තමයි.

ඒ කිව්වේ ?

ඒ කිව්වේ දැන් අපේ අයියා ආවේ සුනාමියෙන් මැරුණ මිනිස්සුන්ගේ මිනී උඩින්. ඒ මිනිස්සුන්ට හම්බවුණ සල්ලි තමයි ඡන්දෙට වියදම් කළේ. මම එන්නෙත් ඉතින් එහෙමනේ.

ඇවිල්ල ඉන්නේත් මිනී උඩමද?

ඒව ඉතිං කියන්න බෑ. අපිට විරුද්ධව මොකෙක් හරි ආවොත් මගෙ උන් මොනව කරයිද දන්නේ නෑ.

ඇත්තටම අර ලසන්නතට මොකද වුණේ ? එතකොට එක්නැලිගොඩට

ලසන්ත කියන්නෙ අර පත්තරේ හාදයනේ. මිනිහා පවුලේ ප‍්‍රශ්නෙකට වෙඩි තියාගෙන මොකකින්ද ඇණගෙන තිබුණේ. එක්නැලිගොඩනං ඒ ගෑණි එක්ක ඉන්න බෑ කියලා රට ගිහිං වෙන්න ඇති. මම නං දන්නේ නෑ.

එතකොට අර කීත්නොයාර්, උපාලි තෙන්නකොන්, පෝද්දල ගුටි කෑවේ යාලූවන්ගෙන් වෙන්න ඇති නේද?

කවුද දන්නේ. මම නං එයාලව දන්නේවත් නෑ.

ජනාධිපති වෙන්නත් කලිං මාධ්‍යයට තර්ජනය කරනවා නේද?

කවුද තර්ජනය කළේ. මම කිව්වේ මම කියන දේ විතරක් දාන්න හරස් ප‍්‍රශ්න අහන්න එපා කියලා.

ඒ උනාට උන්ට ප‍්‍රශ්න අහන්න අයිතියක් තියෙනවනේ ?

උන්ට එහෙම ප‍්‍රශ්න අහන්න අයිතියක් තිබුණට මට උත්තර දෙන්න අයිතියක් නෑනේ.

ඒ කියන්නේ ?

ඒ කියන්නේ අයියා මට කියල තියෙන්නේ අහන ප‍්‍රශ්නවලට වැඩිය උත්තර දෙන්න යන්න එපා කියලා.

ඒ ඇයි ?

උන් දිගට දිගට ප‍්‍රශ්න ඇහුවොත් මට මල පනිනවා. ඊට පස්සේ ඉතිං සුදු වෑන්..... නෑ නෑ මේ මේ

මොකක්ද ඒ සුදු වෑන් කතාව. ඇත්තද සුදු වෑන් නිර්මාතෘ ඔයා කියන්නේ ?

අනේ මට වෑන් හදන්න නං බෑ. වාහනවලට තෙල් ගහන්නනං පුළුවන්. ඉතිං මම කොහෙද ඔකේ නිර්මාතෘ වෙන්නේ.

එතකොට සුදුවෑන් කතා බොරුද?

අමූලික බොරු. මම බුද්ධාගමට අනුව ජීවත් වෙන කෙනෙක්. දැක්කනේ පහුගිය ටිකේ පන්සල් ගිය යෑම.

ආ ඔව් ඒකනං දැක්කා. ඇත්තටම ඇයි ඇමරිකාවට ගියේ ?

අපේ පවුල ආසයිනේ එකයි.

හමුදාවෙන් අයිං වුණේ?

ඒ වෙද්දි මට මෙහෙ හමුදාවේ කරන්න දෙයක් තිබුණේ නෑ. ඇමරිකාවේ හමුදාවට යන්න තමයි අයින් වුණේ.

මම නං අහල තියෙන්නේ මානසික විකෘතිතාවයක් නිසා අයින් වුණා කියලා.

අයින් වෙන්න හේතුවක් විදියට එහෙම දැම්මා .

ඒක ඇත්තකුත් තියෙනවා නේද?

මේකා හදන්නේ තමන් පිස්සේක් බව ඔප්පු කිරීමට යැයි සිත ජනාධිපති අපේක්ෂකයා වට පිට බලා බිම වැටී තිබූ සෙල්ලම් සුදු වෑන් එකක් අතට ගත්තේ පුරුද්දට මෙනි.

 අසංක ධර්මශ්‍රී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න