Language Switcher

V2025

ඊළගට අගමැති

hemalayaමෙදා සැරේ සංවත්සර කතාවෙදි චන්ද්‍රිකාත් ඉස්සරහින් තියාගෙන රනිලාගේ කලිසම ගැලෙව්වා යැයි හිත හිතා වාහනයට නැගගත් ජනාධිපතිවරයා කෙලින්ම ගියේ විජේරාමේ සුපුරුදු නිල නිවසටය. තමන්ගේ පස්සෙන් එකත් එකටම දයාසිරියාත්, අමරවීරයාත් එනු ඇතැයි සිතූ ජනාධිපතිවරයා උන් එන්නට කලින් කතාව කරන අතරරේදී සිදු වූ බඩ බුරුල ඇරගත යුතු යැයි සිතා ඩ‍්‍රයිවරයාට ඉක්මණට යන ලෙස අණ දුන්නේ බඩ තද කරගනිමිනි. මේ තරං බඩ බුරුල් වූයේ යටිගිරියෙන් කෑ කැසූ හින්දාම නොවන බව දැන ගත් ජනාධිපති වරයා ඊට හේතු කල්පනා කරද්දී රනිල්ගේ නම කියවෙද්ද්ත් ඇත් වූ බයටම එසේ වන්නට ඇතැයි සැක හැර දැන ගනිද්දීත් නැෂනල් එකට යටින් වූ නිල් පාට යට කලිසම පිටු පසින් මදක් තෙත් වනු දැනිණ. මේකගේ නම මතක් වෙද්දිත් මේ තරම් බය හිතෙන්නේ මේකා යකෙක් දැයි හිත හිතා කාර් එකෙන් බැසගත් ජනාධිපතිවරයා එක අතකින් සරම ඔසවාගෙන හී ගසක් මෙන් දිව්වේ තවත් හිමින් ගියොත් ජයන්තිට ගේ හෝදන්නට සිදුවන බව තක්කෙටම දැනගත් හෙයිනි. බාත්රූම් එකට ගොස් දඩාං ගා දොර වසාගත් ජනාධිපතිවරයා ලයිට් එක ඉක්මණට දා ගත්තේ අවට වැහි අදුරෙන් වසා ගෙන තිබූ හෙයින් බාත් රූම් එකද අදුරු වී තිබූ හෙයිනි.

 ළගකදි ඉදන් හැමදාම බඩ යනවා නේද?

 දයාසිරියා හෝ අමරවීරයා තමන් එකක්ම පස්සෙන් ඇවිත් තමන්ගේ බඬේ බුරුලත් දැනගෙන බාත්රූම් එක අසටත් ඇවිත්දෝයි සිතා කිසිවක් නොකියා දැස් පියා ගත්තේ යන ඒවාට නිදහසේ යන්නට අවසර දෙමිනි. දැන් දැන් නිදහස් පක්ෂෙන් මිනිස්සු යන්නෙත් බඩ යනවා වගේ නේදැයි සිතූ ජනාධිපතිවරයා ඇස් බියා හා ඩිලානයා ට දුන් පිනා චාන්ස් එක වෙන මොකෙකුට හරි දුන්නානං කියා සිතන අතරෙම කලින් ඇසුණ කටහඩ යලිත් ඇසෙන්නට විය.

 ජනාධිපතිවරණෙදි මොකක් හරි ගේමක් ගහන්න නේද හදන්නේ ?

 මේ නම් දයාසිරියා හෝ අමරවීරයා වෙන්නට බැරි බව දැනගත් ජනාධිපතිවරයා මේ මොකාදැයි දැන ගැනීමට කවුද ඔතන යයි විමසීය.

මම . මේ හේමලයා.

ආ උඹ අදත් ආවද ? මොකක්ද උඹ ඇහුවේ ?

ජනාධිපතිවරනෙදි මොකක් හරි ගේමක් ගහන්න නේද හදන්නෙ ?

නැතුව බෑනේ. ශ‍්‍රී ලංකා කාරයො මාව මරං කයි නිදහස් පක්ෂෙ නැති කරා කියලා.

ඉතිං ඒක ඇත්තනෙ ?

මොකක්ද?

නිදහස් පක්ෂෙ නැති කරපු එක ?

නිදහස් පක්ෂෙ නැති කෙරුවෙ මම නෙමෙයි. අන්න අර මහින්දයයි රනිලයි තමයි නිදහස් පක්ෂෙ නැති කෙරුවේ. මම දෙන්නම්කෝ ඒකට රිටර්න් එක.

කාටද ?

දෙන්නටම

ඒකද අර ජනාධිපතිවරණෙ ගැන හෙන කතාවක් කිව්වෙ ?

ඔව් ඔව්. ඒව රහස්. ඔය දැන් ඉන්න අශ්වයෙක් අපේ පැත්තට ගන්නවා බොඩි ඇමක් දාලා. ඒ අරං ඌව ජනාධපිති කරලා මම අගමැති වෙනවා. මම කතාවෙදිත් කිව්වේ ඊළගට බල තල තියෙන්නේ අගමැතිටනේ. ඊට පස්සෙත් මම තමයි මේ රටේ නායකයා.

කතාවෙ කියපු ඔක්කොම ඇත්තද?

නැතුව. මම නැෂනල් එක අදින හොද බෞද්ධයෙක් . මහපොලොවෙන් ඉපදුන නායකයෙක්. මම බොරු කියන්නෙ නෑ.

අර ජනවාරි 8 වෙනිදා බලයට ආපු කාරණේ ගොඩක් අයට අමතකයි කියලා කිව්වේ ?

ඒක තමයි. ඒක ගොඩක් අයට අමතක වෙලා.

ඔබතුමාටත් අමතක වෙලානේ ?

මොකක්ද?

හොරු අල්ලන එක ?

අල්ලනවා. මම කිව්වේ මහේන්ද්‍රන්ට උඩින් ඉන්න අයත් අල්ලනවා කියලා.

ජනවාරි 8 ආවේ මහේන්ද්‍රන් අල්ලන්න නෙවෙයිනේ ?

ආ එතකොට නම් කිව්වේ රාජපක්ෂලා අල්ලන්න කියලා. මම කොහොමද ඒ යක්කු අල්ලන්නේ. අවුරුදු ගාණක් මමත් හිටියනේ. එතකොට ඒවට මමත් සම්බන්ධයිනේ. එතකොට මමත් ගස්. අනික ඉතිං ඔය කියන හැමදේම කරන්න ඔනේ නෑනේ.

එහෙනං අනිත් අයට අමතක වෙලා කිව්වේ ?

අනිත් අයට අමතක වෙලා. මට නං මතකයි. ඒ උනාට ඉතිං...

ඇයි ?

ඉස්සරටහ උන් නැති වමටත් ගමනක් නෑනේ.

දැන් පක්ෂෙ උන් ඔක්කොම වගේ පනිනවා නේද? අර ගෙම්බො පනිනි කතාව කිව්වේ නිමල්ටද?

ඌටත් එක්ක තමයි කිව්වේ. නිමලාගේ කතාවෙන් තේරුනේ පනින පාටක් තමයි.

කොහොමත් ඉතිං ගිලෙන නැවෙන් මීයො පනිනවනේ ?

කොහොද ගිලෙන්නේ ? අපි ගිලෙන්නෙ නෑ. ජනාධපිතිවරණෙදි හො`ද ජොකිටයක් දානවා.

දිනයිද?

දිනයි .

අගමැති කම ලැබෙයිද?

මම තමයි එතකොට අගමැති

හීනෙන් තමයි.

බලං ඉදපන්. මම අගමැති වෙලා හොරු ඔක්කොම හිරේ දානවා.

 හිරේ දාන්න ඉතිං අගමැති වෙන්න ඔනෙයැ දැන් විධායක ජනාධපිති නෙ ඔයාට පුුළුවන්නෙ හිරේ දාන්න ?

යකෝ ඒක කරන්න මට බෑ. මම ඕව ගැන දන්නෙත් නෑ. අනික දැන් ඕව කරන්න ගියොත් මැතිවරණෙදි මොනවා කියන්නද?

අර ඔබතුමා හිටියෙ නැත්නං යූ ඇන් පී අයට අමුඩෙවත් නැද්ද මොකක්ද කතාව නම් වැරදියි නේද?

මොකක්ද වැරැද්ද. මම හින්ද තමයි ජනවාරි 8 ඡන්දෙ දිනුවෙ. මිනිස්සු ඡන්දෙ දුන්නෙ මට.

ඒ වුණාට යූ ඇන් පී හිටියෙ නැත්නම් ඔබ තුමාට අමුඩෙ නැතිව යන්න වෙනවා කියලා මිනිස්සු නං කියන්නේ.

ඔවුන් හැම මගුලටම යූ ඇන් පී පැත්තේ. අපේ පක්ෂෙ උනුත් ඔය කතාව කියලා තියෙනවා. මම බලා ගන්නංකො කියමින් ලයිට් එක එහෙමම තියද්දී බාත්රූම් එකේ දොර ඇර ගත් ජනාධිපතිවරයා සරනේ අත පිහදමමින් එළියට එනවිටත් සේවකයන් දෙදෙනෙකු තමන් බාත්රූම් එක දක්වා පැමිණි මග පිරිසිදු කරනු දුටුවේය.

අසංක ධර්මශ්‍රී