Language Switcher

V2025

වෙනත් සියළු න්‍යාය පත්‍ර පසෙක තබා කොරෝනා මර්දන න්‍යාය පත්‍රය අතට ගමු - මහේෂ් සේනානායක

කොවිඩ් 19 වසංගතය ට මුහුණ දීම සහ එය සාර්ථක කර ගැනීමට නම් දේශපාලන සහ වෙනත් න්‍යාය පත්‍ර පසෙක තබා කොරෝනා මර්දන න්‍යාය පත්‍රය අතට ගතයුතු බව මාධ්‍යවේදියකු මෙන්ම   තරුණ දේශපාලනඥයකු වන මහේෂ් සේනානායක අවධාරණය කරයි.

පාර්ශව තුනක අවංක මෙන්ම සක්‍රීය  මැදිහත්වීම අවශ්‍ය බවත් පවසන ඔහු පෙන්වා දෙන්නේ පුරවැසියන් , අතරමැදියන්  සහ රාජ්‍ය යාන්ත්‍රණය ලෙස තමන්  මෙහිදී ප්‍රධාන පාර්ශව තුනක්  හඳුනා ගන්නා බවය.

 ඒ පාර්ශව  තුනම තම තමන්ගේ යුතුකම් වගකීම සහ වගවීම නොපිරිහෙලා  ඉටු කළ යුතු බව ඔහුගේ ස්ථාවරය වෙයි.

ඒ අනුව පුරවැසියන්, රාජ්‍ය මෙන්ම සෞඛ්‍ය ක්ශේත්‍රයේ  බලධාරීන් ලබා දෙන උපදෙස් සහ විධි විධාන අනුව හැසිරීම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමෙහි ලා කිරීමෙහි ලා අතිශය වැදගත් බව මහේෂ් සේනානායක පවසයි.

ඔහු මේ අදහස් දක්වා සිටියේ මාධ්‍ය කිහිපයක් විසින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව සිදුකළ අදහස් විමසීමේදීය.

3. A තත්ත්වයට නොයා ඉමූ !

එහිදී මේ ප්‍රධාන පාර්ශ්ව තුනේ වගකීම විස්තර කරමින් පුරවැසියන් විනයක් හික්මීමක් ඇති ව අදාළ අංශ සඳහා සහයෝගය දීම සිදු කළහොත් , මේ වන විටත් මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ඇති 3 A අදියරයෙන් එහාට නැත්නම්  පාලනය ඉතා දුෂ්කර කරන මට්ටමට ගමන් කිරීම නවතා ගත හැකි බව වෛද්‍ය මතය වී ඇති බවත් ඊට ගරු කර හැසිරීම සකස් කර ගැනීම ප්‍රමුඛ  පුරවැසි යුතුකම හා වගකීම බව   ඔහු පෙන්වා දෙයි .

එමෙන්ම තමන් අතර මැදියන් ලෙස හඳුන්වන්නේ දේශපාලඥයන්, දේශපාලන පක්ෂ , සමාජ ක්‍රියාකාරීන් , විවිධ සංවිධාන , අන්ත ජාතික සංවිධාන ,  බවත්  මතුව ඇති වසංගත තත්වය පාලනය කිරීමට මෙම අතරමැදි පාර්ශ්වයට ද විශේෂ වගකීම් සහ යුතුකම් සම්භාරයක් ඇති බව මහේෂ් සේනානායක පවසයි. එහිදී ඔහු විශේෂ කොට දක්වන්නේ මෙම අතරමැදි කොටස තම පෞද්ගලික න්‍යාය පත්‍ර වසංගතය හමුවේ පසෙක තබා වසංගතය පාලනය කිරීමේ පොදු න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ යුතු බවයි.

සෞඛ්‍ය සේවා සහ රාජ්‍ය යාන්ත්‍රණයේ සේවය විශිෂ්ටයි !

තව ද රාජ්‍ය යාන්ත්‍රණය වසංගතය මර්දනය  කිරීම වෙනුවෙන් සුවිශේෂී  කාර්ය භාරයක් සිදු කළ හැකි සහ  මේ වන විටත්  සිදු කරමින් සිටින බව සඳහන් කරන මහේෂ් සේනානායක වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රාජ යාන්ත්‍රණයට අවශ්‍ය සෑම දේකින්ම සහය දැක්වීම පුරවැසි සහ අතරමැදි යුතුකම  සහ වගකීම  වන බවයි.
මේ දුෂ්කර අවස්ථාවේ දී රාජ්‍ය  යාන්ත්‍රණය සිදු කරන කාර්ය භාරය එනම්, වෛද්‍ය නිලධාරීන් හෙද කාර්‍ය මණ්ඩල , සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු සෞඛ්‍ය ක්ශේත්‍රය, ආරක්ෂක අංශ , රාජ්‍ය නිලධාරීන් ප්‍රශංසනීය සේවයක් කරන බව ඔහු පවසයි. 

එකට වැලලෙන්න නැති වෙන්න වැඩ කරන්න !

විවිධ බාධා මධ්‍යයේ වුවත් එම කරගෙන යන සේවය අගය කරන අතර ඇතැම් අඩුපාඩු ඇති නමුත් ඒවා සකස්කර ගැනීමට මැදිහත් වීම සියළු දෙදෙනාගේ වගකීම බවත් මහේෂ් සේනානායක පවසයි. 

එහිදී ඔහු නිදර්ශනාත්මක ලෙස  දක්වන්නේ අගනුවර ගනු ලබන ඇතැම් තීන්දු තීරණ පළාත් බද සහ  ප්‍රාදේශීය මට්ටමට යන විට එකී තීන්දු තීරණ වෙනස් වන , ඇල්මැරුනු සහ  විකෘති වන තත්වයක් ඇති බවයි. මේ වන විට කොරෝනා  ව්‍යාප්තියේ  අවධානම ට මුහුණ දී ඇති මහ නුවර දිස්ත්‍රික්කයට කොළඹ ගන්න තීන්දු තීරණ පැමිණීමේදී සිදුවන වෙනස් කම් ගැනත් එහිදී වූ සිහිපත් කරයි.

මෙය තුන්වන ලෝකයේ  රට වල සාමාන්‍යයෙන් සිදුවෙන්නක් බවත් එහෙත් එම තත්ත්වය වළක්වා ලිය යුතු බව ද ඔහු අවධාරණය කරයි. ලෝකයේ ම ආර්ථිකය  එක්තැන නතර වී ඇති බවත් එය සෑම රාජ්‍යකට මෙන්ම  පුද්ගලයන්ට ද  බලපා ඇති බවත්   එබැවින් සහනාධාර බෙදා දීමේ දී  භේද නොසලකා කටයුතු  කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දෙයි.

එකට වැලලෙන්නේ නැතුව  දේශපාලන න්‍යාය පත්‍රය පසෙක තබා කොරෝනා මඩින න්‍යාය පත්‍රය අතට ගතයුතු බවත් මේ අභියෝගය ආණ්ඩුවට විපක්ෂයට හෝ එක් එක් පාර්ශ්ව වෙත තනිව ජයගත හැකි අභියෝගයක් නොවන බවත් මාධ්‍යවේදී මහේෂ් සේනානායක අවධාරණය කර සිටියි.