Language Switcher

V2025

රනිල් -අබු කාසීම් :ලංකාව - අවුන් සාන් සූ කී !

රනිල් තනි සපත්තුව !

එජාප රනිල් වික‍්‍රමසිංහ ලංකා දේශපාලනයෙන්  ඉවත් කළ සපත්තුවකි. තනි සපත්තුවකින් ඇති ප‍්‍රයෝජනයක් නැත.  එක්කෝ  ඉවතට විසි කළ යුතුය. නැතොත් එවැනි තවත් සපත්තුුවක් සොයා සපයා ගත යුතුවේ. තනි සපත්තු විකිණීමට නැත. තනි සපත්තුවක් හදන්නේ ද නැත. හේතුව සපත්තු යනු ජෝඩු මිස, එකක් පමණක් නොවන හෙයිනි. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මේ වසංගත අර්බුදය හමුවේ අබු කාසිම්ගේ සපත්තුව මෙන් බැහැර කළ හෝ නො තකා හැර යා හැකි ලෙස ඉස්මතු වෙමින් පවතී. රනිල් වික‍්‍රමසිංහ මෙම අර්බුදය හමුවේ කළ ප‍්‍රකාශ ගණනාවකි. ඔහු දැඩි සේ අවධාරණය කර සිටියේ හැකි තරම් රෝගී සාම්පල පරීක්‍ෂා කරන ලෙස ය. 
 
වසංගතයකදී රෝගින් පරීක්‍ෂා කළ යුතුය යන්න අමුතු සොයා ගැනීමක් නොවේ. එහෙත් ඒ ගැන අවධානය  යොමු කළ යුතුව තිබුණේ රනිල් වික‍්‍රමසිංහ නොවේ. වෛද්‍ය විශේෂඥයන් හෝ රටේ සෞඛ්‍ය ඇමති විසිනි. එහෙත් සෞඛ්‍ය ඇමතිගේ අවධානය යොමු වුණේ  මහ මැතිවරණය පැවැත්විම පිළිබඳවය. ඇයට වසංගත තත්වය ගැන වැඩි අවධානයක් යොමු කළේ නැත. ඇය කීවේ වසංගත තත්වය ගැන සෞඛ්‍ය අංශ බලාගත යුතු බවය.
 
ලාඩන් හතරක් අවශ්‍ය ය !

රනිල් තනි සපත්තුවක් විය හැකිය. එහෙත් ඊට සමගාමිව  පවිත‍්‍රා වන්නිආරච්චි වර්තමාන සෞඛ්‍ය ඇමති හැසිරෙන්නේ තනි සපත්තුවක් නොව ලාඩන් හතරක අවශ්‍යතාවය ඉස්මතු කරමිනි.  මේ නිරීක්‍ෂණය හරහා   කෙනෙකුට එසේ නම් එවැන්නියක් සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරිම ගැන ප‍්‍රශ්න කළ හැකිය. ඇය පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ,  වසංගතය ගැන කීවේ කුමක්ද? ලෙඩුන් 28ක් හමු වුණා කියන්නේ රටක් ලොක් ඩවුන් කිරිමට තරම් දෙයක් නොවන බවය.  ඔහු එදා කළ ප‍්‍රකාශය ඇසූ සමහරු මවිත විය. හේතුව බය වෙන්න දෙයක් නැහැ. යුද්දෙ කළා වාගේ පට මතින් ගමන් කර වසන්ගතයට පිළියම් යොදනු ඇත කියාය. (රටම අදත් ඒ මැජික් එක ගෝඨාගෙන් අපේක්‍ෂා කරයි.* ඒ ප‍්‍රකාශය කරන විය රෝගි ප‍්‍රමාණය 29කි. මේ වනවිට රෝගීන් 183කට ආසන්න වෙමින් ඇත. තවම වසංගතයට අවශ්‍ය පිළියම් යෙදීමට අවශ්‍ය කොරෝනා රෝගීන්ගේ ගනපූරණය ඇති වී නැත.
 
28ත් ගානක් ද ?

28ත් ගණනක්ද යනුවෙන් ජනාධිපති ගෝඨාභය කළ  ප‍්‍රකාශයට ඍජු එමෙන්ම සැර පිළිතුරක් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් නිකුත් විය.  ඔවුන් අදටත් අඛණ්ඩව පවත්නා රජයේ අදූරදර්ශි  හැසිරීම අභීයොගයට ලතක් කරමින් සිටිත්. රටම ඊට ගරු කරති. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සත්‍ය මුහුණ එය නොවේ. නාම යෝජනා භාරගෙන අවසන් වන තෙක් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ගෝඨාට රෝගීන් 28ත් ගණනක්ද යන මතයේ රැුඳී සිනා සිසී  ඉන්න ඉඩ දී බලා සිටියහ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පාර්ලිමේන්තුව විසුරාවා හැරියේ කොරෝනා අවදානම ගැන නිවැරදි තාක්‍ෂණික තක්සේරුව පිළිබඳ උපදෙස් ලැබිමෙන් පසුවය. කොරෝනා වයිරසය  දිගු කලක් පවතිමින්  මහා විනාසයක් කරන බව පාලකයන් දැන සිටියහ. චීනයේ වුහාන් නගරයේ සිටි දේශපාලනඥයන්ගේ දරුවන් ගෙනාවේ ඒ තත්වය දන්නා නිසාය. අදටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  සිටින්නේ කොයි මොහොතක හෝ මැතිවරණයක් පවත්වන අධිෂ්ඨානය ඇතිවය. අපේ‍්‍රල් 6 වෙනිදා දෙරණ 360 හරහා මැතිවරණ කොමසාරිස්ට විමල් විරවංශ ලවා තර්ජනය කරවන ලද්දේ ඒ නිසාය. රාජපක්‍ෂලා 2010 ජනාධිපති මැතිවරණය දිනුවේ දයානන්ද දිශානායක උස්සලාය. 19 ව්‍යවස්ථාව නිසා තටු කැපුණ ජනාධිපතිි තනතුර හිස කුඩුවූ සර්පයෙකු මෙන් කි‍්‍රයා කරනු පෙනේ. මේ උත්සාහ කරන්නේ තමන්ට උවමනා තැනට එන්නටය. ඒ සඳහා ඔවුන් කොරෝනා වසංගතය පාවිච්චි කරමින් සිටිති. ජනතාවට මරණ බය පෙන්වමින් ජනාධිපති ගෝඨාභය සියල්ල දේශපාලනීකරණය කරමින් සිටියි.
 
දැක්මක් ඇති සහ දැක්මක් නැති !

 හෙවත් තම අභිප‍්‍රාය මේ ව්‍යසනය හරහා ජනතාව විනාසවීම අවම කරන ආස්ථානයක ආණ්ඩුව ඇත්තේම නැත. ව්‍යසනයට  මුහුණ දීම ආණ්ඩුවේ අංක එක නොවේ. බැසිල් රාජපක්‍ෂ රටට අවශ්‍ය සිය`ථ පහසුකම් සලසන්නා ලෙස පත් කරන්නේ ඒ නිසාය. ඊට අනුගතව ය. ප‍්‍රාදේශීය මට්ටමෙන් පත් කළ කමිටුවල ප‍්‍රධානත්වය සඳහා ගමේ කසිප්පු පෙරණ අවලමේ යන ප‍්‍රාදේශීය සභා කාරයන් නම් කිරීම සත්තකින්ම ගෝඨාගේ් නොව මහින්දගේ වේ.

රනිල්  වික‍්‍රමසිංහ හෙවත් දේශපාලන තනි සපත්තුව අබුකාසීම්ගේ සපත්තුව මෙන් ඉස්මතු ඒ නිසාය. ඔහුගේ පිරිහිම කොපමණ වුවද,  මේ වසංගත තත්වයට එරෙහි මතයක් දැක්මක් ඇත්තේ ඔහුුට පමණය. ඔහුගේ අනුප‍්‍රාප්තිකයාගේ චරිතයට ආවේස වූ සජිත් පේ‍්‍රමදාස කඩා වැටෙමින් පවත්නා ආර්ථීකය ගැන කිසිවක් නොදැන මිනිසුන්ගේ නැතිකම පවත්නා අසීරුව හරහා දේශපාලනය කිරිම නතර කර නැත. ඔහු කියන ආකාරයට කි‍්‍රයා කිරිමට පාර්ලිමේන්තුවක් නැති ආණ්ඩුවකට බැරිය. ඔහු උත්සාහ කරන්නේ ඒ හරහා පාර්ලිමේන්තුව කැඳවීිමට විය හැකිය.එයද පැහැදිලි නැත. ජවිපෙය සද් භාවයෙන් සහන සේවා සලසමින් සිටියි. 
 
ලංකාවේ අබුකාසිම්ගේ සපත්තුව..!
 
එහෙත් ලංකාවේ අබුකාසිම්ගේ සපත්තුව.........බෙහෙවින් ශක්තිමත් ය.

ඒ ප‍්‍රකාශ කිසිවක් නොන්ඩි ගැසුවේ නැත.  පරීක්‍ෂණ ටෙස්ටින් හැකි තරම් වැඩි කරන ලෙස කළ ඉල්ලීම හමුවේ ආණ්ඩුව තවමත් දුර්වලය. මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කිහිප වරක්  සිදු කරන පරීක්‍ෂණ ටෙස්ටින් ප‍්‍රමාණ  නොවන බවට චෝදනා කරමින් සිටිති. වෛද්‍ය පරීක්‍ෂණ ආයතනය කියන්නේ පහසුකම් ඇති අතර, තවත් පරීක්‍ෂණ ටෙස්ටින් වැඩිකළ හැකි බවය. එසේ නම් මේ කියන නොන්ඩි ගැසිල්ල ඇත්තේ කොහේද? කොරෝනා මර්ධනට සඳහා සිය`ථ බලතල සහිත කමිටුවක් පත් කිරිමට පක්‍ෂ නායකයන් කළ යෝජනාව තවමත් රජයේ අවධානයට ලක්ව නැත. ඒ වෙනුවට බැසිල් රජපක්‍ෂට සිය`ථ බලතල භාර දෙමින් ඔහු තනතුරකට නම් කළේය. බැසිල් රාජපක්‍ෂ තම යාන්ත‍්‍රණය ගම තෙක් ව්‍යාප්ත  කොට එහි නායකත්වය ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්ට භාර කළේය. 
 
එතෙක් මහත් කැප කිරිමකින් රාජකාරි කළ රාජ්‍ය නිලධාරින් අර ඊනියා චක‍්‍ර ලේඛයෙන් පසුව සේවා අපහසුතා මුල් කොට වර්ජන තර්ජනය මුදා හැරියාහ. බැසිල් පත් කරන තෙක් නිලධාරින්ට හෝ රටේ සාමාන්‍ය ජනතාවට ආණ්ඩුවේ මේ පවුලේ සෙල්ලම තේරුණේ නැත. රාජපක්‍ෂවරු එළඹෙන මැතිවරණය අරමුණ කොට උද්ගත ව්‍යසන තත්වය පාවිච්චි කිරිම ගැන රටේ නො සතුටක් මතුවුණේ එහෙමය. රටේ කොරෝනා අවදාසම වසංගතය වර්ධනය වුණේ පැතිරුණේ ඒ නිසාය. පාස්කු ප‍්‍රහාරය ආසන්යේ රනිල් මෛති‍්‍ර ආණ්ඩුව හැසිරුණේ මෙහෙමය. රටේ පැවැත්මට අවශ්‍ය ආරක්‍ෂක කවුන්සිලය ජනාධීපති සිරිසේන ඒ කාලයේ රැුස් වී නැත. රටේ තත්වය අගමැති දැන සිටියේ නැත. ජනවාරි මාසයේ අල භාගයේ සිට කොරෝනා යනු රහසක් නොවීය. ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි අග අනතුරු ඇ`ගවීම සිදු කළේය. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍ර්මදාස පෙබරවාරි 5 වෙනිදා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප‍්‍රශ්න කළේය. රටේ සෞඛ්‍ය ඇමති දුන් පිළිතුරු අනුව, ආන්ඩුවේ කෙරුවාව පැහැදිලි වේ. ඒ සමග ජනාධිපතිිගේ ලෙඩුන් 28 කතාව ඓතිහාසික එකකි. දැන් සියල්ල සිදුවි ඇත. මෙම්චර දෙයක් වෙලාත් පාලකයා ජාතික ආපදාවකට අවශ්‍ය ලෙස හැසිරෙන්නේ නැත. පහතින් විස්තර කෙරෙන ආකාරයට ලංකාව මෙන් කිහිප ගුණයකින් විශාල ජනගහණයක් සහ භූමි ප‍්‍රමාණයක් කළමනාකරණය කරන මියන්මාරය කොරෝනා වසංගතය කළමනාකරණය කළ ආකාරය ඊට නිදසුනකි.
 
මැතිවරණ කොමිසම ස්වාධීන නොවුනා නම් !

සත්‍ය ලෙසම මැතිවරණ කොමිසමට රටේ මැතිවරණ පැවැත්වීම පිළිබඳ අනන්‍ය අධිකාරය නො තිබුණා නම් අපේ‍්‍රල් මස අවසානයේ මහ මැතිවරණය පැවැත්වෙනවාමය. එහෙම කියන්නේ ද්වේෂයෙන් නොවේ. රාජපක්‍ෂ පවුලේ වැඩිහිටියා චමල් කී පරිදි තමන් ආරක්‍ෂා වෙන්න ජනතාව දැනගත යුතුයි. අපි නියම කරගත් දිනයට මැතිවරණය පවත්වනවා කියාය. සුනාමි රැුළ මතු වෙනවා මෙන් කොරෝනා ලෙඩුන් ගම් නියම්ගම් වසා දමමින් මතුවේ. අටු`ථගම සහ අකුරණ රෝග වාහකයන් දෙදෙනා ගුවන් තොටුපළේ සිට හඹා ගියා නම් අදටත් මහනුවර ආරක්‍ෂිතය. ඒ විනාසය කළේ පාලකයාගේ නො හැකියාව විසිනි. ඔහු කල්පනා කළේ සැමන් පරිප්පු පෙන්වා වසංගතය තුනි කළ හැකි බවය. ගුවන් තොටින් රටට ඇතුල්වූ ස්වදේශීකයන්ට නිදැල්ලේ යන්ට හැරියේද පරිප්පු සැමන් මිල අඩු කළා වැනි ඡුන්ද මානසිකත්වයකින් මිස ජාතික වගකීමකින් නොවේ. 
 
ආසාදිත මුස්ලිම් භක්තිකයාගේ අවසන් කටයුතු කිරිමබ සම්බන්දව මහා ආරවුලක් ඇති විය. එහිදී ප‍්‍රශ්නය මතු කළ රවුෆ් හකීම් පටලා සුවිශාප දේශපාලනයක් කළහ. මේ ගැන පොහොටුටවේ ජාතික ලැයිස්තුවේ සිටින නීතිඥ අලි සබ්රි දෙරණ සමල කළ සාකච්ඡුාවේදී හෙළිවුණේ කුමක්ද? කොරෝනා රෝගියෙකුගේ අවසන් කටයුතු පිළිබඳ විකල්ප පවතනා බව සහ පාලකයන් එහිදී හැසිරී ඇත්තේ මුස්ලිම් පාර්ශ්ව නො විමසා බවය. මේ හරහා ලැබෙන පණිවිඩය ඔවුන් තවමත් ජන වාර්ගික වෛරයේ වාසිය රට තුළ තම වාසියට යොදා ගනිමින් සිටින බවය.
 
ඩලා සහ කාංචන !
 
ඩලස් අලහප්පෙරුම කාාන්චන  විජේසේකර සමග මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් පැවැත්වීම ඊට නිදසුනකි. ජන මතය මතු කළ පොල්ලෙලි එහෙම හැසිරිම ඉවසිය හැකිය. විශේෂඥ kanchana dullas 1000pxවෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේත්් ඒ පදයටම නැටුවාය. අපහසු මොහොතක පැමිණිම ගැන පැමිණි පිරිසට ස්තුති කරන තරමට ඇය තම දැනුම ප‍්‍රදර්ශනය කළාය. ඒවා සති ගණන් පැරණී කතාය. ගගිය ඉරිදා හිරු නාලිකාව  ඇදිරි නිතිය නොතකා අවුරුදු උත්සව පැවැත්වීමෙන් පාලකයා රෝගයෙන් මියගිය අයගේ ආත්මයන් පවා කෙළෙසූ බව පිළිගත යුතුවේ. දහස් ගණන් දිනපතා ඇඳිරි නිතිය කැඩිම නිසා අත් අඩංගුවට පත්වෙද්දී හිරු නාලිකා ප‍්‍රධානියා එසේ හැසිරෙන්නේ කෙසේද? එය හරියටම ඡුන්දෙට හු`ගක් මුදල් වැය කළ නිසා අරක්කු ස්කාගාරයක් විවෘත කළා වාගේ එකකි. ඩලස් කාන්චන කළ ජන රාශීය ගැනම මු`ථ රටම කතා කළහ. දෙරණ පාඨලී චම්පිකගේ රැුස්වීමක් උපුටා නඩු දැමිය යුතු බවට ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් හරහා කියා සිටියේය. ආගම් දේශපාලන ආදි පටුු  භේද ප‍්‍රවර්ධනය කිරීම රාජපක්‍ෂලාගේ උපන් ගෙහි දෝෂයකි.

මේ සියථ කරුණු හරහා තහවුරු වන්නේ කුමක්ද? රට මළ ගෙයක වුණද රාජපක්‍ෂ ක‍්‍රමය එසේම සකි‍්‍රය බව නොවේද?  එය හරියටම කොරොනා වයිරසය තරම්  ප‍්‍රබලව  සකි‍්‍රය වේ. එහිදීී ඩලස්ද සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේද කියා වෙනසක් නැන. රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂ භේදයකින් තොරව සිය`ථ දෙනා එක්ව, වසංගතය ජය ගැනීමට එක්විය යුතු  බවට කළ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂේප වන්නේ ඇයි? අර රාජපක්‍ෂ ක‍්‍රමය නිසාය. සුනාමි ව්‍යසනයේදී රාජපක්‍ෂලා හැසිරුණේත් මෙහෙමය. අනාථයන් සඳහා විදේශවලින් ලැබුණ මුදල් ආධාරය පුද්ගලික ගිනුමක දමා ගත් නඩුවෙන් රාජපක්‍ෂලා වැරදි කරුවන් බව අග විනිසුරු සරත් නන්ද සිල්වා කළ ප‍්‍රකාශය අදටත් වලංගු ය. කොරෝනා  වසංගතයේදී රාජපක්‍ෂලාගෙන් අලූත් යමක් අපේක්‍ෂා කළ යුතු නැත.  රටේ නීතිය අනුව අපේ‍්‍රල් මාසයෙන් පසුව රටේ වියදම පිණීස මුදල් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතු ව ඇත. පවත්නා තත්වය තුළ ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් ගැනීමේ යෝග්‍යතාවය මැතිවරණ කොමිසම අවධාරණය කර ඇත. ඒ ගැන කතා කරන අමාත විමල් වීරවංශ ජනාධිපතිට එවැනි නිර්දේශයක් කිරීමට ඔහු කවුදැයි ප‍්‍රශ්න කරයි. සත්තකින්ම මේ කතා කරන්නේ වීරවංශ නොවේ. ප‍්‍රශ්නය තේරුම් ගත් බිය ගුල්ලන් විරවංශ ලවා රට බිය පත් කරනවා පමණකි. මේ අවස්ථාවේ ආණ්ඩු පෙරළිය නො හැකිය. අවදානම දෙතුන්සිය ගුණයකින් ඉහළ ගොස් ඇත. රටේ කවුරුත් අපේක්‍ෂා කරන්නේ ජනාධිපති ගෝඨාභය කොටුවී සිටින තැනින් එළියට පැමිණ සත්‍යයට යථාර්ථයට මුහුණ දිය යුතු බවය.
 
 අපේ තත්ත්වය  !

ලංකාවේ කොරෝනා වසංගත තත්වය කුමක්ද?   ශී‍්‍ර ලංකා දින දර්ශනයේ පළමවෙන් සටහන් වන්නේ ජනවාරි 27 වෙනිදාය. මේ ලිපිය ලියන අදට මාස දෙකක් සති එකක් සහ දින හයකි. හඳුනා ගත්් රෝගීන් ප‍්‍රමාණය 180කි. සුවපත් වූ ප‍්‍රමාණය 38කි. මරණ සංඛ්‍යාව 06කි. තවත් ථේරවාද බෞද්ධ රටක් වන මියන්මාර් හෙවත් පැරණි බුරුමයේ සෞඛ්‍ය වාර්තා රාජපක්‍ෂ පාලනය තේරුම් ගත හැකි හොඳම නිදසුන වේ. ලංකාවේ භූමි ප‍්‍රමාණය  වර්ග මීටර් 65610කි. ජන ගහනය  මිලියන 21.44කි. මියන්මාර් වර්ග මීටර් 676578 කි.(ඉලක්කම් 6කි* ජනගහනය මිලියන 54කි. මියන්මාරයේ කෙරොනා තත්වය හඳුනා ගත්තේ මාරතු 15 වෙනිදාය. මාර්තු 22 දිනට රෝගීන් 5 දෙනෙකි. මාර්තු 30 දිනට රෝගීන් 10 දෙනෙකි.  මාර්තු 31 පළමු මරණය වාර්තා වේ. අප්‍රෙල් 01 දිනට රෝගීන් 20 දෙනෙකි. අප්‍රෙල් 04 දිනට රෝගීන් 25 දෙනෙකි. අප්‍රෙල් 01 දිනට රෝගීන් 20 දෙනෙකි. මියන්මාරය භූමි ප‍්‍රමාණයෙන් ලංකාව මෙන් 10 ගුණයක් විශාලය. එහි ජනගහනය ලංකාවේ ජනගහනය මෙන් ප‍්‍රමාණයෙන් තුන් ගුණයකට ආසන්න වේ. ලංකාව මුහුදින් වටවූ දිවයිනකි. මියන්මාරය තුන් පැත්තකින් වෙනත්  රටවල් වලින් මායිම් ඇත. ලංකාව රෝගය හඳුුනාගෙන අදට මාස දෙකක්, සති එකක් සහ දින 7ක් ගෙවී ඇත. වාර්තාවන රෝගීන් පසඛ්‍යාව 180කි. මරණ සංඛ්‍යාව 06කි.

මේ ලිපිය ලියන අදට මාස දෙකක් සති එකක් සහ දින හතකි. ශී‍්‍ර ලංකාවේ තහවුරු කළ රෝගීන් 180කි. සුවපත්වූ රෝගීන් 42කි. මරණ සංඛ්‍යාව 06කි. රෝගීන් ලෙස සැක කර රෝහල් ගතකළ ප‍්‍රමාණය 255කි.  

කඩතොලූ සහිත මියර්මාර් චීන දේශ සීමාව කිලෝ මිඑර් 2240කට වඩා දිගු වේ. එහෙත් කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ එක් පැත්තකින් පමණකි. ආසන්න චීනයේ මිනිසුන් 80,800කට පමණ රෝගය ආසාදනය වී ඇත. මියන්මාරයට බටහිරෙන් පිහිටි ඉන්දියාවේ කොරෝනා රෝගීන් 114ක්ද, බංගලාදේශයේ රෝගීන් 5ක් ද අසල්වැසි තායිලන්තයේ රෝගීන් 114ක් වාර්තා වි ඇති පසුබිමක අප මියන්මාර් පාලනයට ආශ්ර්වාද කළ යුතුවේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.