Language Switcher

V2025

ලොවම හදුනන ශ්‍රී ලාංකිකයා :ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ කොරෝනාට බිලිවේ !

ලාංකික දෙමළ සම්භවයක් ඇති ලෝකප්‍රකට වෛද්‍යවරයකු වූ ඇන්ටන් සෙබස්තියන්පිල්ලේ (ඇන්ටන් සෙබස්තියන්) (70) කොරෝනා ආසාධනය වීම හේතුවෙන් ඊයේ එංගලන්තයේදී මිය ගොස් ඇත.1967 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ඔහු, වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානනීය ලේඛකයෙකි.

ඔහු විසින් රචිත "A Dictionary of the History of Medicine" කෘතිය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභා සම්මානයට පාත්‍රව ඇත. 

 ඊට අමතරව "Dates in Medicine", "A Dictionary of the History of Science" යන කෘති මෙන්ම මෙහි ඇති "A Complete Illustrate of Sri Lanka "කෘතියද ඔහු විසින් ලියන ලද්දකි.

මෙතෙක් කොරෝනා බිලිගත් කීර්තිමත්ම ශ්‍රී ලාංකිකයා ඔහුය.

බ්‍රිතාන්‍යය තුළ මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 10 ක් ජීවිතක්ෂයට!

මේ දක්වාතහවුරු වූ තොරතුරුවලට අනුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මහා බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මිය ගිය අය අතර එංගලන්තයේ කොවිඩ් 19 මර්ධන ව්‍යාපාරයට සක්‍රීය ලෙස දායකත්වය දුන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ද වේ. ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇත්තේ එම මර්ධන ව්‍යාපාර හා එක්වීම හේතුවෙනි.

මේ දක්වා මහා බ්‍රිතාන්‍යයේදී මිය ගිය බවට තහවුරුකළ ශ්‍රී ලාංකිකයන්ගේ විස්තර පහතින් දැක්වේ.

 

01. හෙන්රි ජයවර්ධන (ලන්ඩන් නුවර ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කළේය.) 

02. ලකී විජේරත්න (අවුරුදු 61 ලන්ඩන් නුවර පදිංචිව සිටියේය) 

03. සිදරම්බර්ම් පිල්ලේ කුග ප්‍රසාද් (ඊස්ට් ලන්ඩන්, අවුරුදු 75, ආදායම් බදු නිලධාරියෙක් ලෙස සේවය කළේය)

04. ලොකු ලියන වඩුගේ සුදත් තිලකසිරි ( නැගෙනහිර ලන්ඩනයේ පදිංචිව සිටියේය. පානදුර සුමංගල විදුහලේ ආදි සිසුවෙකි)

05. අනුර ගාල්ලගේ අවුරුදු 62 (එඩිමන්ටන් උතුරු ලන්ඩනයේ පදිංචිව සිටියේය)

06. ලලිත් චූල පෙරේරා (අවුරුදු 72 ලන්ඩන් ඇක්ටන් හි පදිංචිව සිටියේය. කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි)

07. වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන් පිල්ලේ. ( අවුරුදු 70 කිංස්ටන් රෝහලේ විශ්‍රාමික වෛද්‍යවරයෙකි.)

08. වෛද්‍ය ශිව නන්දන් (අවුරුදු 76 විශ්‍රාමික වෛද්‍යවරයෙකි)

09. විල්සන් පන්නිපිටියේ මහතා (අවුරුදු 80 නෝරත් හැම්ප්ටන්)

10. පාස්ටර් දේවා අමරසිංහ( Slough ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි  පාස්ටර්වරයෙකි)

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුට මහා බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වේ.