අද (26) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 467 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුබද්ද නිල වාර්තා අනුව වෛරසය ආසාදනය වූ 118ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර 337 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙයි.
මිය ගිය සංඛ්‍යාව 07කි.
කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත වූ බවත් ඒ කොවිඩ් 19 නොව මී උණ බව නාවික හමුදාව නිවේදනය කරයි.
නාවික හමුදා නිවේදනය අනූව 2020 අප්‍රේල් මස 18 වන දින රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
කොවිඩ් 19 පරීක්ෂණයේදී ඔහු එහි ආසාදිතයකු නොවන බව අනාවරණය වූ බවත් එම නිවේදනය පවසයි.
කෙසේ වෙතත් වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කරන ලද බවත් එහි දැක්වෙයි.
නාවික හමුදාව නිකුත්කළ සම්පූර්ණ නිවේදනය !
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු අභාවප්‍රාප්ත වෙයි.
මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.
මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වියැති ලුතිනන් කොමාණ්ඩර් (ස්වේච්ඡා) දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියා වන අතර, ඔහු 2020 අප්‍රේල් මස 18 වන දින රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුල වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණ වලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇත. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුල කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණ වලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන බවටද තහවුරු කර ගන්නා ලදි. ඒ අනුව මී උණ රෝගී තත්වය සඳහා ප්‍රථිකාර ලබමින් සිටියදී එම රෝගීතත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත්කර සිටියදී මෙම නිලධාරියා 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.
මෙම මරණය කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කරන ලදි. ඒ අනුව එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

