ඇඳිරි නීති බලපත්‍ර ක්‍රමවේදයේ හිලක් !

ඇඳිරි නීති බලපත්‍ර ක්‍රමවේදයේ හිලක් !

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේදී  විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොලිසියෙන් ඉල්ලයි. වැඩබලන පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසයි.

 ඇය සඳහන් කරන්නේ මහජන ආරක්ෂාව සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අවස්තාවලදී පවා විශාල වශයෙන් පිරිස් මහා මාර්ගවල ගමන් කරනු දක්නට ලැබෙන බවයි. 

 මේ අතරින් බහුතරයක් වාහනවල  අත්‍යවශ්‍ය සේවා යන ලේබලය දක්නට ලැබෙන බවත්, ඇතැම් වාහන වල අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල නාම පුවරු දක්නට ඇති බවත් ඇය කියයි.

 මෙම බොහෝ වාහන ඇඳිරි නීති අවසර පත් සහිතව ධාවනය වන බව පෙනී යන බවත් එහි නිගමනය වන්නේ මේ අතරින් ඇතැම්  පිරිස් කෙසේ හෝ කුමන මාර්ගයකින් හෝ අත්‍යවශ්‍ය සේවා බව පෙන්වමින් ඇදිරි නීති අවසරපත් ලබාගෙන ඇති බව යැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි.

සමාජ දුරස්ථකරණය මෙම වසංගත තත්වය මැඩලීමට ඇති හොඳම පියවර වන අතර ඒ සඳහා හැකිතරම් අවකාශ සලසා දෙනු වෙනුවට මෙලෙස විශාල වශයෙන් ඇඳිරි නිතී බලපත් සහ අවසරපත්ලබාදීම ඉතා අවධානම්කාරී තත්වයක් බව ආරියවංශ මහත්මිය කියයි. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොමැති වුවහොත්  නුදුරේදීම කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම නිසා අත්‍යවශ්‍ය සේවා පවා අත්හිටුවීමට  සිදුවනු ඇතැයි ඇය පෙන්වා දෙයි. මේ නිසා එවැනි තත්වයකට රට පත්වීම වළක්වාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතුව ඇති බව ඇය සඳහන් කළාය.

 මේ නිසා මේ පිළිබඳ සොයා බලා ඇඳිරි නීති අවසරපත් නිකුත් කිරීම සඳහා මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සුදුසු බව යෝජනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වැඩ බලන  පොලිස්පති වරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න