කොවිඩ් රෝගීන් 592 යි : රෝහල් සේවකයන් අනතුරේ හෙලීමක් ගැන පැමිණිල්ලක් !

කොවිඩ් රෝගීන් 592 යි : රෝහල් සේවකයන් අනතුරේ හෙලීමක් ගැන පැමිණිල්ලක් !

මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද මේ වන විට 592 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී සිටින ජීවිත අවදානමක් සම්බන්ධව   දුක් ගැනවිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරියට පැමිණිලි කර ඇත.
 
එහි සඳහන් වන්නේ කොවිඩ් 19 වසංගතය හමුවේ  සෞඛ්‍ය සේවකයන්ට ඇති අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණ අනුව ඇතැම්  රෝහල් වල පරිපාලනයන් කටයුතු නොකරන බවයි.
 
ඒ අනුව සමහර රෝහල්වල ඉහළ  පරිපාලනය විසින් වසංගත සමයේ සෞඛ්‍ය බලධාරීන් ගේ නිර්දේශය වන සේවක ප්‍රමාණයෙන් 1/3ක් සේවයේ  යෙදවීමේ නිර්දේශය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සේවක ජීවිත අවධානමේ හෙළා කටයුතු කරන බව සඳහන් කර ඇත.
 
ඒ සම්බන්ධව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

Screenshot 20200428 140515

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න