කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා ඕනෑම රටක ශක්තිමත්ම අවිය ජනතාව අතර සහයෝගීතාවය බවත් මුලින්ම මෙම සහයෝගීතාව ගොඩ නැගීමට උත්සාහ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සිය ට්විටර් ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙ කොවිඩ් වසංගතය ඇතිවූ දා සිට මුලින්ම චීනයට වෛර කළ බවත් පසුව ඉතාලියේ හා දකුණු කොරියාවේ සිටි පැමිණි ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට වෛර කළ බවත් ඉන් අනතුරුව මුස්ලිම් ජාතිකයන්ටත් පසුව නාවික හමුදාවටත් චෝදනා එල්ල කළ බවත් බිමල් රත්නායක එහි සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සමාජය කුමන සමාජයක් දැයි ඔහු ඉන් ප්‍රශ්න කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක තැබූ ඒ ට්වීටර් සටහන පහත දැක්වෙයි.


