ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසකට 19 වෛරසය වැළදීම පදනම් කර ගෙන ඇතැම් මාධ්‍ය සහ සමහර ජනතාව ඔවුන් ලෙස සැකෙන් බලන කණගාටු දැක තත්ත්වයක් මතුව ඇති බවත් එම තත්ත්වය වැළැක්වීමට පියවර ගැනීම රජයේ වගකීම බව තරුණ දේශපාලඥයකු සේම මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක අවධාරණය කරයි.
ඔහු මෙම ඉල්ලීම කර සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.
මෙහිදී ඔහු විශේෂ කොට දක්වන්නේ මාධ්‍ය විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සැක සහිත පිරිසක් ලෙස හුවා දැක්වෙන ආකාරයට සිදුකරන හැසිරීමය.
රටක් ව්‍යසනයකට මුහුණ දී සිටින විට එරට ජනතාව දේශපාලනඥයන්ට වඩා විශ්වාසය තබන්නේ ආරක්ෂක හමුදා සහ පොලිසිය ගැන බවත් එවැනි පාර්ශ්වයක් ගැන සැක සංකා මතු වන්නට ඉඩ හැරීම අහිතකර බවත් ඔහු පවසයි.
එදා යුද්ධයෙන් පසු ව ද මෙවැනි තත්ත්වයක් මතු වූ බවත් රණවිරුවන් කානු වලට සහ තණකොළ ගැලවීමට යොදවන විටත් තමන් මාධ්‍යවේදියෙක් ලෙස ඊට විරුද්ධ වූ බව ද ඔහු සිහිපත් කරයි.
පූජිත මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු වන මහේෂ් සේනානායක ජුනි 20 වනදා ගැසට් කර ඇති මහ මැතිවරණ සම්බන්ධයෙන් ද අදහස් දක්වන අතර ඔහු සඳහන් කරන්නේ එදින මහ මැතිවරණයක් පැවැත්වීමට කොහෙත් ම සුදුසු පරිසරයක් නොමැති බවයි.
ඒ සම්බන්ධ ඔහු දක්වන වැඩි දුරක් දහස් පහත වීඩියෝවේ දැක්වේ.

