ස්වර්ණවාහිනියේ 05කට කොවිඩ් පරීක්ෂණ !

ස්වර්ණවාහිනියේ 05කට කොවිඩ් පරීක්ෂණ !

කටුනායක  ගුවන් හමුදා කඳවුරේ  ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සේවය කළ කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිලධාරියා ඇසුරු කළ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය කරන පස්දෙනෙකු පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව anidda.lk වාර්තා කරයි.

එම පුවත්පතේ මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත්ගේ එම පුවත් වාර්තාවට අනුව, පීසීආර් පරීක්ෂණවලට යොමු කළ නිලධාරීන් 5 දෙනා අතර වේෂ නිරූපණ ශිල්පියෙකුද සිටියි.

අප්‍රේල් 12 වන දින යුද හමුදා සංගීත කණ්ඩායමෙන් මෙහෙයවන ලද සංගීත වැඩසටහනක් මාධ්‍ය ආයතනයේ පටිගත කර ඇති බවත් ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 2ක්, නාවික හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයන් 2ක් සහ පොලිස් සංගීත කණ්ඩාමේ නිලධාරීන් කිහිපදෙනෙක් එම සංගීත වැඩසටහනේ ගීත ගායනා කර ඇති බවත් වාර්තා වේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ගෙන් කළ විමසීමකදී කොවිඞ්-19 ආසාදනය වූ ගුවන් හමුදා නිලධාරියා එම වැඩසටහනට සහභාගි වූ බව තහවුරු කළේය.

කොරෝනා වෛරසයට (Covid-19) පැතිරයාමත් සමග මාධ්‍යවේදීන්ගේ ජිවිත ද බරපතල අවධානමකට ලක්ව තිබේ. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක කොරෝනා සිද්ධීන් ගැන වාර්තාකරණයේ යෙදුන මාධ්‍යවේදීන්කිහිප දෙනෙකුම  කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න