කොවිඩ් රෝගීන් 622 ක් දක්වා ඉහළට : වසා තිබූ තැපැල් කාර්‍යාල මැයි 4 විවෘතයි !

කොවිඩ් රෝගීන් 622 ක් දක්වා ඉහළට : වසා තිබූ තැපැල් කාර්‍යාල මැයි 4 විවෘතයි !

අද ( 29) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 622ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට සුවය ලැබූවන් සංඛ්‍යාව 134ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පවසයි.

එසේම කොවිඩ් වසංගතය  පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න විසින්  නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවල දී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත් දේශීය ‍තැපෑල සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බාර දීමටත් මේ දින සිට මහජනතාවට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද තැපැල්පති නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න