දෙරණ මාධ්‍ය ජාලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ගෝරියක් !

දෙරණ මාධ්‍ය ජාලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ගෝරියක් !

දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ මාධ්‍ය ජාලය සහ  දැඩි ආණ්ඩු හිතවාදී වෘත්තිය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සීතල යුද තත්ත්වයක් මතුව ඇත.

 ඊට ආසන්නම සිද්ධිය ලෙස වාර්තා වන්නේ  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකල ප්‍රකාශ දෙරණ මාධ්‍ය ජාලය යටතේ ඇති අරුණ පුවත්පත විසින් විකෘති  කර පළ කර ඇති බවට එල්ල වන චෝදනාවය.
 
ඒ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කුල ශ්‍රී  කාරියවසම් වෙත පැමිණිලි කර ඇත.
 
ඊට අදාළ  ලිපිය පහත දැක්වේ.
 
IMG 20200429 WA0000
 
මේ අතර මීට පෙර ද දෙරණ රූපවාහිනියේ ප්‍රධාන නිවේදකයෙකු වන චතුර අල්විස් විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පළ කළ ප්‍රකාශ අර්ථය විකෘති වල ලෙස අර්ථ දැක්වීම සම්බන්ධව ද පැමිණිලි කිරීමට කජු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබිණ.
 
එහෙත් ඒ සම්බන්ධ ව කරුණු නිවැරදි කිරීම හෝ සමාව අයැදීමක්, සංස්කරණයක් දෙරණ රූපවාහිනිය  වෙතින් ද සිදුවනු දක්නට ලැබුණේ නැත.
 
දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය  ආණ්ඩුව හිතවාදී පාර්ශ්වයන්ගේ එකිනෙකා පරයා නැගී සිටීම වෙනුවෙන් දියත්ව ඇති  අදිසි ව්‍යාපෘතියක ප්‍රතිඵල බවය.
 
කෙසේ වුවත් වසංගත තත්වයක් හමුවේ මේ හැසිරීම කිසිසේත් අනුමත  කළ නොහැකි බවත් ඔවුන් අතර ඇති මේ සීතල යුද්ධයෙන් පෙන්නුම් කරන්නේ කොවිඩ් වසංගතය මැඩීමට වඩා  කොවිඩ් වසංගතය මර්දනය කිරීමේ ව්‍යාප්තිය  තුළ තමන්ගේ අනන්‍යතාව රඳවා ගැනීමට එකෙනෙකා අතර ඇති තරගයක් බවත් එය ඒ ඒ පාර්ශ්වයන්ට මිස ජනතාවට අත්කරදෙන සෙතක් නොමැති බවත් විචාරක මතය වී තිබේ.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න