CIDයේ අත්අඩංගුවට ගැනීම වළක්වන්න : රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට !

CIDයේ අත්අඩංගුවට ගැනීම වළක්වන්න : රිෂාඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට !

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන සේවාවන් යොදාගෙන පුත්තලම ප්‍රදේශයේ ඡන්ද දායකයින් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම පරීක්ෂණයට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බව හිටපු අමාත්‍යවරයා පවසයි.

මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු  අමාත්‍යවරයා රහස් පොලිසිය ද්වේෂ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි කියා සිටින්නේ.

මේ තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න තත්වයක උද්ගතව තිබෙන බවට නියෝගයක් ලබා දෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්වත් අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න