Language Switcher

V2025

කොවිඩ් රෝගීන් 649 : " කොළඹටම බෝවීමේ අවධානමක්" : සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට !

අද (30) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 649 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිල වාර්තා අනූව මෙතෙක් සුවය ලැබූවන් වාර්තා වන්නේ 136 ක් පමණක් වන අතර 506ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටිති.

එසේම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන්  මෙරට මියගිය සංඛ්‍යාව 7කි.

කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයකු සහ PHI පිරිසක් ස්වයං නිරෝධායනයට !

තමන්ව කොරෝනා පීසීආර් පරීක්ෂණයට ලක් කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමක් ඉටු නොකළ බවත් තමන්ට කොවිඞ්-19රෝගය ඇතිදැයි සැකයක් ඇති බවත්, එම නිසා තමන් සේවයෙන් ඉවත්ව දින 14ක ස්වයං නිරෝධායනයට යොමුවෙන බවත් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් ලිඛිතව දැනුම් දී ඇතැයි 'අනිද්දා (anidda.lk ) පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතේ මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ගේ එම පුවත් වාර්තාවට අනුව කොළඹ නගර සීමාව තුළ 2A නමින් හඳුන්වන කලාපයෙහි සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල සහ එම නගර සීමාවේ මහජන සෞඛ්‍ය නිලධාරීවරුන් 12 දෙනෙකු ඒ බව ලිපියකින් දැනුම් දී ඇත.

අප්‍රේල්  29 වැනිදා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත එම ලිපිය යොමුකර ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

‘දැඩි අවදානමක් සහිතව සේවය කරන අප කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයට ඉල්ලූම් කළද මුඛ ආවරණයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් බව වෛද්‍ය සමිත මහතා (අධ්‍යක්ෂ වසංගතවේදී අංශය) පැවසූ අතර, රෝග ලක්ෂණ පහළ වූ පසුව පරීක්ෂණ කළ හැකි බව වෛද්‍ය විජයමුණි මහතා (ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී) පැවසීය.

අප හට රෝගය ආසාදනය වීමේ සැකය මත දැඩි මානසික ආතතියට අප ලක්ව ඇත.

එයට හේතුව වන්නේ කොළඹ 12 බණ්ඩාරණායක මාවත ප්‍රදේශයෙන් අප්‍රේල් මස 15 සිට අප්‍රේල් මස 26 වන දින දක්වා කෙටි කාලය තුළ කොවිඞ්-19 පොසිටිව් රෝගීන් 97ක් සහ ආශ්‍රිතයන් 1300ක පමණ පිරිසක් නිරෝධායන කඳවුරු සඳහා යොමු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොවිඞ්-19 රෝගය ආසාදනය වුවහොත්, කොළඹ නගරයේ දිසා අංක 2ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් රජයේ ප්‍රධාන මර්මස්ථාන බොහොමයකි පිහිටා ඇති කොළඹ 01, 11, 12, 12 සහ කොළඹ 14 ප්‍රදේශය සේවා ලාභීන් වන 137,000ක ආසන්න රජයේ සේවකයන් ඇතුළු මහ ජනතාව තුළ වසංගත ත්වයකට මෙම රෝගය පැතිර යෑමට ඉඩ ඇත.

එම නිසා මහජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා කටයුතු කරන අප, රෝගී වීමේ දැඩි අවදානමක් ඇති නිසා අප කාර්ය මණඩලය අද දින සිට දින 14ක ස්වයං නිරෝධායනයට යොමු වීමට තීරණය කළෙමු.’

අදාළ ලිපිය පහත දැක්වෙයි.

letter h