කුරුණෑගල නගරාධිපති : වෛද්‍යවරුන් නේවාසික නිවසින් දොට්ට දාන උත්සාහයක !

කුරුණෑගල නගරාධිපති : වෛද්‍යවරුන් නේවාසික නිවසින් දොට්ට දාන උත්සාහයක !

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට නේවාසික පහසුකම් සඳහා පරිත්‍යාගයක් ලෙස ලැබුණු නිවසක් යොදා ගැනීම සම්බන්ධව කුරුණෑගල නගරාධිපති වරයා විරෝධය  දක්වා ඇති අතර වහාම වෛද්‍ය වරුන් එයින්  ඉවත් කිරීමට කටයුතු කරන ලෙස බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට කුරුණෑගල නගරාධිපති වරයා මෙසේ බලපෑම් කර ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර වෙතය.
 
වෛද්‍යවරුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් ශික්ෂණ රෝහලේ  අධ්‍යක්ෂක ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව නගරාධිපති වරයා පවසා ඇති බවත් වාර්තා වෙයි.
 
මේ සම්බන්ධව කුරුණෑගල නගරාධිපතිවරයාගේ  අදහස වී ඇත්තේ එම ස්ථානය වෛද්‍යවරුන් නිරෝධායන සඳහා යොමු කරති ස්ථානයක් බවය. එහිදී ඔහු සඳහන් කරන්නේ පර්චස් හයක් හතක් ප්‍රමාණ ඉඩමක ඇති ජනාකීර්ණ  ස්ථානයක් නිරෝධානය කටයුතු සඳහා නුසුදුසු බවයි.
 
කුරුණෑගල වෙලන්ගොල්ල  පිහිටි මෙම නිවස පසුගියදා කුරුණෑගල රෝහලට පරිත්‍යාග කරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර විසිනි. ඒ ඔහු විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල ට PPE කට්ටල  තොගයක්  පරිත්‍යාග කළ අවස්ථාවේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා සිදුකළ ඉල්ලීමකට අනුව ය.
 
මම චක්‍ර ලේඛය අනූව වැඩ කළේ - රෝහලේ අධ්‍යක්ෂ
මේ සම්බන්ධව අදහස් දක්වමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර පවසන්නේ තමන් වරදක් සිදු කර නොමැති බවත් තමන් කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය sarath weera b 450pxසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ චක්‍රලේඛය අනූව බවය.
 
එසේම අදාළ නිවස නිරෝධායන කටයුතු සඳහා නො ව එය යොදා ගෙන ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයීම සඳහා බවත් ඔහු පවසයි.
 
මේ ආකාරයට එම වෛද්‍යවරුන් නේවාසික ස්ථානයෙන්  ඉවත් කිරීමට කටයුතු කළ හොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තම කටයුතු වලින් ඉවත් වනු ඇති බවත් එවැන්නක් ඇති වුවොත් ඊට වග කියන්නේ කවුද යන්න ද රෝහල් අධ්‍යක්ෂවරයා මතු කරයි.
 
දේශපාලනය පටලවාගෙන - නලින් බණ්ඩාර 
 
මේ සම්බන්ධ ප්‍රතිචාර දක්වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසන්නේ අදාල ස්ථානය තමන් වෛද්‍ය වරුන්ගේ අවශ්‍යතාව අනුව යොදා ගැනීමට ලබාදුන් බවය.
 
යම් කිසි පාර්ශ්වයක උසි ගැන්වීම මත ඊට දැන් දේශපාලන  විරෝධයක් එල්ල වී ඇති බවක් පෙන්නුම් කරන බවත් ඔහු පවසයි.
 
සබැඳි පුවත 

කුරුණෑගල රෝහලේ අවශ්‍යතාව සඳහා නලින් තම නිවස දෙයි !

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න