අද (27) උදෑසන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රයෝජනය සදහා PPE කට්ටල ලබාදීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කටයුතු කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර වෙත මෙම ප්‍රදානය සිදුකර තිබේ.
වාර්තා වන ආකාරයට රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රයෝජනය සඳහා නිවාසයක අවශ්‍යතාව සඳහන් කර ඇත.
ඒ අනූව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ඔහුගේ කුරුණෑගල වෙලන්ගොල්ල නිවස එකී අවශ්‍යතාව වෙනුවෙන් ලබාදීමට කටයුතු කර ඇත.
මෙම නිවස ඔහු දේදේශපාලනඥයකු වීමට පෙර ව්‍යාපාරිකයකුව සිටියදී සෑදුවක් බවත් පැවසේ.
{gallery}nalin-house{/gallery}

