පාර්ලිමේන්තුව විවෘත නොකර බැරිවෙන ලකුණු : විපක්ෂයේ නායකයන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් !

පාර්ලිමේන්තුව විවෘත නොකර බැරිවෙන ලකුණු : විපක්ෂයේ නායකයන්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් !
මෙරට විපක්ෂයේ ප්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ නායකයන් විසින් අත්සන් තබන ලද "වගකීමෙන් සහයෝගය දීමේ"ඒකාබද්ධ ප්‍රකාශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
 
මෙය තාර්කික කරුණු 10ක් මත  පදනම්ව සැකසූවක් වන අතර කොවිඩ් වසංගතය අපේක්ෂා කළ ආකාරයට  පාලනය කර ගත නොහැකි වීම , පාර්ලිමේන්තුව විසුරුවා තිබීම , අපේක්ෂිත කාලයට මහ මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම , ඒකාබද්ධ අරමුදලින් මුදල්  සහ විවිධ අණ පනත් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වීම ,  කොවිඩ් වසංගතය ආර්ථික , සමාජීය සහ දේශපාලන අර්බුදයක් බවට පත්වීමේ අවධානම එහිදී පෙන්වා දී ඇත.
 
මෙම ඒකාබද්ධ ප්‍රකාශය සඳහා රනිල් වික්‍රමසිංහ , ආර්. සම්බන්දන්, සජිත් ප්‍රේමදාස , රිෂාඩ් බදියුදීන් , රවුෆ් හකීම්, මනෝ ගනේශන් සහ පාඨලි චම්පික අත්සන් තබා ඇත.
 
විපක්ෂය යොමුකළ එම ලිපිය පහත දැක්වෙයි.

ekabadda 1000px

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න