කොවිඩ් රෝගීන් 584 ක් දක්වා ඉහළට !

කොවිඩ් රෝගීන් 584 ක් දක්වා ඉහළට !

අද (27) මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් සංඛ්‍යාව 584 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

එසේම දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (28)  උදෑසන 5.00 ට ඉවත් කරන අතර කොළඹ ,ගම්පහ කළුතර පුත්තලම යන දිස්ත්‍රික්ක ඊට අදාළ නැත.

ඒ අනුව එම දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි එදින රාත්‍රි  8. 00 ට පැනවෙන බව ඊයේ (26) ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් විය.

GOMA අනතුරු ඇඟවීමක !

  මේ අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට ඇතිකළ සීමා ලිහිල් කිරීමේදී එය සිදුකළ යුතු ආකාරය සහ තිබෙන අවදානම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින්  කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා වන හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහත දැක්වේ 

goma lettet 606px

කුරුණෑගල අවදානමක !

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් සමග සමීපව ඇසුරු කළ බවට අනාවරණය කරගත් පුද්ගලයන් 326 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ්  උපුටා දක්වමින් අද වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට අනූව අලව්ව , පොල්ගහවෙල , මඩහපොල , නිකවැරටිය , කොටවෙහෙර , දුම්මලසූරිය , උඩුබද්දාව , මාවතගම , ගල්ගමුව , කුලියාපිටිය , මහව , වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ආදි ප්‍රදේශවලින් හඳුනාගෙන සිටින එම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව වෛද්‍ය ෆරීඩ් සඳහන් කර තිබේ .

මෙම ආසාදිතයන් පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම විසිරී සිටින බවද ඔවුන් හා සබඳතා පවත්වා ඇති පිරිස් අනාවරණය කර ගැනී ම ඉතා අසීරු කරුණක් වී ඇතැයිද ඔහු පවසා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න