කොළඹ 07 ටත් කොවිඩ් ඇවිත් : නාරාහේන්පිටත් පාරක් වහයි !

කොළඹ 07 ටත් කොවිඩ් ඇවිත් : නාරාහේන්පිටත් පාරක් වහයි !

කොළඹ 05, මොහින්දරම් දාබරේ මාවත හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර අපි අතර ඒ, ඊයේ (27) දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමගය.

සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ මිට පෙරද දාබරේ මාවතෙන් එක් කොරෝනා රෝගීයෙක් වාර්තා වී තිබුණු බවත් ඒ හේතුවෙන් දින දෙකක කාලයක් සිදුකළ PCR පරීක්ෂණ මගින් මෙම රෝගීන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බවය.
 
කොළඹ 07 ට කොවිඩ් !

මිට අමතරව ටොරිංටන්, 60 වත්ත ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාධිතයෙක් වාර්තා වී තිබෙන අතර  ඔහු බණ්ඩාරනායක මාවතේ සිට පැමිණ එම වත්තේ රැඳී සිට ඇති බවත් පැවසෙයි.

මීට අමතරව හැව්ලොක් ලේන් හී පදිංචිකරුවෙක් වන කොළඹ මහ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇත.
 
මෙම පවිත්‍රතා අංශයේ සේවකයා එම අංශයේ ලොරි රථයේ රියදුරා බවත් ඔහු කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් බවයි මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අනාවරණය කර සිටියේය.

ඊයේ දිනයේදි වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරින් බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න