දැන් රෝගීන් 571 යි : සෞඛ්‍ය දිස්ත්‍රික්ක 21කින් රෝගීන් වාර්තා වෙයි !

දැන් රෝගීන් 571 යි : සෞඛ්‍ය  දිස්ත්‍රික්ක 21කින් රෝගීන් වාර්තා වෙයි !
අද (27) මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් සංඛ්‍යාව 571 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
එසේම මේ වන විට  මෙරට සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26 න් 21ක් තුලින් කොවිඩ් 19 ආසාදිතයින් හමුවී ඇති බවත් වාර්තා වෙයි.
 
වසංගත රෝග විද්‍යා ඒකකය  සඳහන් කරන ආකාරයට නුවරඑළිය කිලිනොච්චිය මන්නාරම මුලතිව් සහ අම්පාර  යන දිස්ත්‍රික්ක හැර  අනෙක් සෑම දිස්ත්‍රික්කයකම රෝගීන් වාර්තා වී තිබේ.
 
අද දහවල් වන විට වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වුයේ කොළඹ සෞඛ්‍ය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය  155 කිිි.

ඊට අමතරව කළුතර 63ක්, පුත්තලම 39, ගම්පහ 41ක්, යාපනය 16ක්, කුරුණෑගල 15ක්, මහනුවර 11ක්, අනුරාධපුරය 10ක්, රත්නපුර 07ක්, කෑගල්ල 07ක්, මොණරාගල 4ක් සහ හම්බන්තොට 3ක් ලෙස කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇත.
 
වැලිසර නාවික හමුදා සාමාජිකයන්  180 කට කොවිඩ් !
 
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයින් 180ක් මේ වන විට සොයාගෙන ඇත.
 
හමුදාපති පවසන ආකාරයට වැලිසර නාවික හමුදා කඳවුරේ සිටියදී ආසාදිතයින් 112ක් සහ කඳවුරේ නිවාඩු ලබා ගිය 68ක් ලෙස එම ප්‍රමාණය සඳහන්ව ඇත.
 
අද දිනයේ පමණක් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත නාවික හමුදා සාමාජිකයන් ප්‍රමාණය 44ක් බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න