ගුවන් හමුදා සාමාජිකයකුටත් කොවිඩ් - කඳවුර වසා නෑ : පාසල් නිරෝධායනයට ගන්නෙත් නෑ !

 ගුවන් හමුදා සාමාජිකයකුටත් කොවිඩ් - කඳවුර වසා නෑ : පාසල් නිරෝධායනයට ගන්නෙත් නෑ !

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙකුත් පළමු වරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී බවට හෙළි වී ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මාධ්‍ය වෙත  ප්‍රකාශ කර ඇත්තේ  ගුවන් හමුදා භටයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බවත් මේ වන විට එම භටයා අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කර ඇති බවත් ය.

මේ කටුනායක ගුවන් හමුදා කඳවුර වසා දමා ඇති බවට පළවන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් අසත්‍ය බව ගුවන් හමුදාව පවසයි.

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ගුවන් හමුදා භටයා ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයකු බවත් තහවුරු කර ඇත.

තවද ගුවන් හමුදාවේ  සැක සහිත තවත් පිරිසකගේ පරීක්ෂණ පවත්වා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට පවසා තිබේ.

නිරෝධායනයට පාසල් ගන්නේ නෑ -  හමුදාපති 

මේ අතර කොළඹ පාසල් කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවට පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සංශෝධනයක් එක්කර ඇත.

එහිදී ඔහු පවසන්නේ කඳවුරු ඉඩ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරිරික දුරස්ථභාවය පවත්වා ගැනීමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසළ ඇති පාසල් භාවිත කිරීමට ඉඩ ලබා දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවය.

කෙසේ වෙතත් සියලු හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවා ගැනීමට ගත හැකි පියවර ගන්නා බවත් එසේ නොහැකි වන අවස්ථාවල පමණක් ඉහත විකල්පයට යාමට සිදු වන බවත් හමුදාපති වැඩිදුරටත් සඳහන් කර ඇති අතර  ආසාදිත බවට සැකසහිත හෝ නිරෝධායනයට යොමුකළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවිටකත් පාසල් වෙත යොමු නොකරන බවත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න