ආණ්ඩුව මූල්‍ය අර්බුදයක : රාජ්‍ය සේවක මැයි වැටුප රජයට ඉල්ලයි !

ආණ්ඩුව මූල්‍ය අර්බුදයක : රාජ්‍ය සේවක මැයි වැටුප රජයට ඉල්ලයි !

කොරෝනා වසංගතය තත්වය හා ව්‍යවස්ථා අර්බුද හේතුවෙන් ඉදිරියෙදී රජයේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වන අතර එවැනි තත්වයක් තුළ ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, මැයි මාසයේ වැටුප පරිත්‍යාග කරන ලෙසයි.

රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ඔහු ඉල්ලීමක් කර ඇත.

ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී ඇත.

''රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක් රජයට අවශ්‍ය වනවා. ඒ අනුව රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම සඳහා යොදවන ලෙස මහ භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා රක්ෂණ වැනි රාජ්‍ය ආයතන රජය බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්‍රධානය කළහොත් මැයි මාසයේ වියදම අඩුවී අදායම වැඩිවී රටේ දැඩි පීඩනයකට ලක්වී ඇති ණය කළමනාකරණය කර ගැනීම පහසුවක් වනු ඇති බව'' ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම සේවකයින් මේ කාර්යයට දායක කර ගැනීමට දිරිගන්වන බව පවසා ඇති ජනාධිපති ලේකම්වරයා අනෙක් රාජ්‍ය සේවකයින්ටද ඒ සඳහා එක්වීමට හැකිබව තමන් විශ්වාස කරන බව ලිපියේ සඳහන් කර ඇත.

''සියලු දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැක. මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක්, දිනක වැටුප වශයෙන් මේ දායකත්වය ලබා දෙන ලෙසට තමන් විශ්වාස කරන බව'' ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර නිකුත්කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

FB IMG 1588783902410

FB IMG 1588783906842

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න