රෝගීන් 797 යි : අවුරුදු 7 ක දරුවෙකුටත් කොවිඩ් : ඉදිරි දින කිහිපය තීරණාත්මකයි !

රෝගීන් 797 යි : අවුරුදු 7 ක දරුවෙකුටත් කොවිඩ් : ඉදිරි දින කිහිපය තීරණාත්මකයි !

ගතවූ පැය 24 තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 වෛරස ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 797 දක්වා ඉහල ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඊයේ(06) රාත්‍රි 11.30 පමණ වන විට මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි.

ඒ අනුව ඊයේ දිනයට පමණක් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වූ රෝගීන් 29 දෙනෙකු හදුනාගෙන ඇත. එම අසාදිතයින් 29 දෙනා ගෙන් 24 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

අනෙක් රෝගීන් 05 දෙනා ගෙන් ඒක අයෙක් යාපනය, පළාලි ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසිය.

සෙසු ආසාධිතයින් සිව්දෙනා නාවික හමුදාවේ සෙබළුන් ගේ ආශ්‍රිතයින් බව හෙළිව ඇත.එම සිව්දෙනා අතර වයස අවුරුදු 07ක් වයසැති දරුවෙක්ද සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ ඉදිරි සදුදා වනවිට රට සීමා ලිහිල් කිරීමකට ලක් කරන බැවින් මේ තීරණාත්මක දින කිහිපය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න