කොවිඩ් සංඛ්‍යා දත්ත සැකයි : තොරතුරු අයිතිවාසිකම් පනත යටතේ විමසීමක් !

කොවිඩ් සංඛ්‍යා දත්ත සැකයි  : තොරතුරු අයිතිවාසිකම් පනත යටතේ විමසීමක් !
කොවිඩ් 19 වෛරස් වසංගතය මැඩීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළුව අතිශය වැදගත් සහ  සමාජ අවධානය වැඩියෙන් දිනා ගත් කරුණු කිහිපයක් සම්බන්ධ ව සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙතින්  තොරතුරු විමසීමට  සමගි ජන බලවේගය  කටයුතු කර ඇත.
 
ඒ අනුව 2016 අංක 12 දරන  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ අදාල කරුණු සම්බන්ධ විස්තර විමසා ඇති අතර ඒ සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු මැතිඇමතිවරුන් කණ්ඩායමක් විසිනි.
 
පසුගිය  අවස්ථා කීපයකම සමගි ජනබලවේගය නියෝජනය කරන හිටපු මැතිඇමතිවරුන් කොවිඩ් වසංගතය ආශ්‍රිතව ආණ්ඩුව සහ රජය නිකුත්කළ දත්ත සම්බන්ධව සැක මතුකරනුද දකින්නට ලැබිණ.
 
කෙසේ වුවත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත  යටතේ ප්‍රශ්න ලෙස විමසා ඇති  අදාල කරුණු ඇතුළත් ලිපිය පහත දැක්වෙයි.
 
වෛද්‍ය අනිල් ජාසිංහ 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් 
සුවසිරිපාය 
සෞඛ්‍ය අමාත්‍යංශය 
කොළඹ .
 
ප්‍රිය මහත්මයාණෙනි 
 
2026 අංක 12 දරන තොරතුරු දැන  ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලා සිටිනු ලබන තොරතුරු 
 
කෝවිඩි 19 වසංගත රෝගය පිළිබඳව පහත සඳහන් තොරතුරු අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු .
 
1.කෝවිඩි  වෛරසය හඳුනා ගැනීමට මේ වන විට සිදු කොට ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව ?
 
2.එම පරීක්ෂණ තුළින් හදුනා ගත් ආසාදිත රෝගී සංඛ්‍යාව ?
 
3.එම පරීක්ෂණ සිදු කළ ස්ථාන සහ සිදු කළ දිනයන් ?
 
3.නිරෝධායන කඳවුරු තුළ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ හදුනා ගත් රෝගීන් සංඛ්‍යාව ?
 
4.ජනාධිපති මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ සිදු කළ දිනයන් වෙන් වෙන් වශයෙන් ?
 
5.අරලියගහ මන්දිරයේ  සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ දිනයන් වෙන් වෙන් වශයෙන් ?
 
6.වෙනත්  ප්‍රභූ වාසස්ථාන වල සිදු කළ පරීක්ෂණ සහ දිනයන් ?
 
7.අහඹු ලෙස සිදු කළ පරීක්ෂණ ප්‍රමාණය දිනයන් සහ ස්ථාන ?
 
8.පරීක්ෂණ සඳහා ලැබුණු PCR කට්ටල ප්‍රමාණය ඒවා ලැබුණු දිනයන් ?
 
9.එම පරීක්ෂණ කට්ටල භාවිතා කළ ආකාරය .?
 
10.ඉතිරි ව ඇති පරීක්ෂණ කට්ටල ප්‍රමාණය .?
 
11.එම පරීක්ෂණ කට්ටල ලැබුණු මූලාශ්‍රයන් සහ ලැබුණු දිනයන් සහ බෙදා දුන් ආකාරය .?
 
12. antibody පරීක්ෂණ සිදු කර ඇති ප්‍රමාණය .?
 
13.කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව .?
 
14.කොරෝනා වෛරසයට ආසාදිත නො වූවා යයි සලකා එ නමුත් නිරෝධායන රෙගුලාසි යටතේ ආදාහනය කළ පුද්ගල සංඛ්‍යාව .?
 
15. නිරෝධායන මධ්‍යස්ථානවල දී පුද්ගල මරණ සිදුවූවා නම් එම ස්ථාන සහ සංඛ්‍යාව ?
 
ස්තුතියි .
 
මෙම ලිපිය සඳහා අත්සන් කළ මැතිඇමතිවරුන් මෙසේය.

IMG 20200507 WA0000

IMG 20200507 WA0001

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න