ආර්ථික ක්‍රියාවලිය සක්‍රීය කිරීම වැදගත් වැඩක් : හැබැයි පරිස්සමෙන් - මහේෂ්

ආර්ථික ක්‍රියාවලිය සක්‍රීය කිරීම වැදගත් වැඩක් : හැබැයි පරිස්සමෙන් - මහේෂ්

කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම අතර තුර රජය ආර්ථිකය සක්‍රීය කිරීමට උත්සාහ කරන බවත් එය මේ මොහොතේ  වැදගත් කටයුත්තක් බව මාධ්‍යවේදියකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක අවධාරණය කරයි.

 සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කරන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය කිසිවිටෙකත් අඩපණවීමට ඉඩනොදිය යුතු බවත් පවසයි.
 
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ආර්ථිකය සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය තුළ වගකීම් සහගත ලෙස ක්‍රියාකිරීමටත් රජය වගබලාගතයුතු බවයි.
 
එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් මහේෂ් සේනානායක මෙසේ ද පවසයි.
 
 "පවතින කොවිඩ් 19 උවදුරෙන් රට බේරා ගැනීමට රජය, සෞඛ්‍ය අංශ , ත්‍රිවිධ හමුදාව , ඇතුළු සියලු දෙනා දැඩි උත්සාහයක නියැලෙන බවක් අපිට වටහා ගන්න පුළුවන්. ඒ වගේම මහජනතාව ඉතාමත් විනයානුකූලව කටයුතු කරන බවත්  හොඳින්ම පැහැදිලියි.
 
විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ යුතුකම : ආවේණික දේශපාලන හැසිරීම !
 
විපක්ෂයේ  ප්‍රධාන පක්ෂය ලෙස ලෙසද ජාතික පක්ෂ නිරන්තරයෙන් මේ ක්‍රියාවලට සහයෝගය දැක්වූවා සහ  දක්වනවා. විශේෂයෙන් පක්ෂ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඔහුගේ  වසර ගණනාවක පළපුරුද්ද  සහ අත්දැකීම් භාවිත කරමින් රජයට මේ උවදුර සම්බන්ධව ආරම්භයේ උපදෙස් ලබා දුන්නා. සහයෝගය ලබා දුන්නා.
අප සියලු දෙනාත් එසේ ක්‍රියාකළා.
 
සෞඛ්‍ය - ආරක්ෂක : අංශ රැකගන්න !
 
කොහොම නමුත් අනවශ්‍ය  දේශපාලන මැදිහත්වීම් සහ දේශපාලනිකරණය වීමක් ද රට  තුල පෙනෙන්නට තිබෙනවා. මේ රටට ආවේනික වූ ඒ දේශපාලන පරිසරය වෙනස් කර ගැනීමත්  අත්‍යවශ්‍ය කරුණක්.
 
ඒ වගේ ම තමයි ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් සම්බන්ධ විශේෂ වගකීමක් රජය ට තිබෙනවා. ඔවුන් සුරක්ෂිත කර ගැනීමට ක්‍රියාකිරීම අත්‍යවශ්‍යයි. අපි දැක්කා  නාවික හමුදාවේ සහ යුද හමුදාව තුළ මතුව ඇති තත්ත්වය. ඒ නිසා වගකීමක් සහිතව රජය මෙම ක්‍රියා මාර්ග ගත යුතුයි"
 
මාධ්‍යවේදියකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න