Image

ලොව අංක එකේ ශ්‍රී ලංකාවේ පුංචි වීරයා ටාවී සමරවීර

ලොව අංක එකේ ශ්‍රී ලංකාවේ පුංචි වීරයා ටාවී සමරවීර

ලෝක යොවුන් ටේබල් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නැවත වරක් ලොව අංක එකේ ක්‍රීඩකයා බවට තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවේ පුංචි ටාවි සමරවීර පසුගියදා පැවති ලෝක ශ්‍රේණිගත කිරීම් තරගවල දී ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

පසුගියදා Kosovo රාජ්‍යයේ පැවති ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තරගය WTT Youth Contender & Feeder Prishtina 2026 තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ අංශයේ අවසන් තරගයේ දී ඒකල ඉසව්වේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය ලෝක ටේබල් ටෙනිස් සංගමය මගින් පවත් වනු ලබන කනිෂ්ඨ අංශයේ ලෝක ශ්‍රේණිගත කිරීම් (World Youth Ranking)වල පවතින එකම තරගය වීම විශේෂයත්වයකි. එම ජයග්‍රහණය සමගින් ටාවී සමරවීර නැවත වරක් වයස අවුරුදු 11 න් පහළ ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත් විය.WhatsApp Image 2026 06 25 at 9.16.04 AM 1

එම තරගාවලියේ දී ම වයස අවුරුදු 13 න් පහළ කේවල අංශයේ අනුශූරතාවද දිනා ගැනීම ද විශේෂයත්වයකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ (World Youth Ranking) වයස් කාණ්ඩ දෙකකට සහභාගී වී අවසන් තරගයකට සහභාගී වී ජයග්‍රහණ දෙකක් (Double Finalist) ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසට වාර්තා පොත් අතරට එකතු විය.

ටාවී සමරවීර එම තරගාවලියෙන් පසු සහබාගී වු නෝර්වේ සැන්ඩෙෆියෝර්ඩ් (Sandefjord) නගරයේ පැවති WTT Youth Contender Norway 2026 ලෝක යොවුන් ශ්‍රේණිගත කිරීමේ (World Youth Ranking) තරගාවලියේ දී අවුරුදු 13න් පහළ පිරිමි කේවල ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් විය. මෙම තරගාවලියේ දී විශේෂත්වය ලෙස ටාවී මුලික තරග වටයේ දී , පසුව රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා 3-2 ක් ලෙස පරාජය කිරීමයි. එහෙත් ක්‍රීඩකයින් තිදෙනකු අතර ඇති වූ සම තත්ත්වයක් නිසා ඔහුට ලෝකඩ පදක්කමකින් නතර වීට සිදුවිය.

ඒ අනුව වයස අවුරුදු 13 න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 12වන ස්ථානය සහ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි විය. එම තරගාවලියේ දී ම ඉහළ වයස් කාණ්ඩයක තරග කරමින් 15 න් පහළ කේවල අංශයේ අවසන් අටදෙනා අතරට ටාවී පැමිණිම ද විශේෂයත්වයකි.WhatsApp Image 2026 06 25 at 9.16.05 AM

ඉන් පසු පැවති ස්වීඩනයේ (World Youth Ranking) වයස අවුරුදු 15න් පහළ තරගයේ දී තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයින් සමග කරට කර දක්ශ තරග රටාවක තරග කරමින් අවුරුදු 15න් පහළ පිරිමි කේවල ඉසව්වේ අවසන් තිස්දෙනා දෙනා අතරට ද පිවිසීමට පුංචි ටාවී සමත් විය. ස්වීඩනයේ පැවති තරගය අතර තුර ලෝකයේ පවතින ප්‍රධානතම ටේබල් ටෙනිස් සන්නාම සමාගමක් වන Stiga ආයතනය විසින් අනුග්‍රහකත්වයක් ලබා දීමට ටාවී සමරවීර සමග එකග වීමට එම ආයතනය කැමත්ත පළ කර සිටී අතර, මේවන විට පුංච් ටාවී සමරවීර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ටාවී ගේ පුහුණු කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ඔහුගේම පියා වන හසිත සමරවීර වීම විශේෂයත්වයකි. මේ පුංචි වීරයා දැනටමත් මේස පන්දු ක්‍රීඩාවෙන් ලෝකය ජයගෙන අවසන් ය. දවසක ශ්‍රී ලංකාව වෙනුවන් ඔලිම්පික් පදක්කමක් වෙනුවන් පරිස්සම් කරගත යුතු සැබෑ දක්ශ අපුරු ක්‍රීඩකයෙකි.

WhatsApp Image 2026 05 12 at 11.35.39 AM

 

 

 

 

සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න