සමස්ථ රෝගීන් 824 යි : අවුරුද්දයි මාසයක් වයස බිළිඳකුටත් කොවිඩ් !

සමස්ථ රෝගීන් 824 යි : අවුරුද්දයි මාසයක් වයස බිළිඳකුටත් කොවිඩ් !

අවුරුද්දකුත් මාසයක් වයසැති බිළිඳෙකුට කොවිඩ් 19 වෛරසය   ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඊට අනූව වැලිසර නාවික හමුදා කඳවුරේ යුවලකගේ බිබිළිඳු  දරුවාට මෙසේ වෛරසය ඇතුළු වී ඇත.

එසේම ඔවුන්ගේ   වැඩිමහල් දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බවත් වාර්තා වෙයි.

සුදු වැල්ල පොකුරේ පළමු කොවිඩ් රෝගියා නිවසට !

මේ අතර අද (08) ජා ඇල  සුදු වැල්ල ප්‍රදේශයේ වාර්තා වූ පළමු කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගියා සුවය ලබා නිවසට ගොස් ඇති බවත් වාර්තා වෙයි.

දැඩි මත්ලෝලියකු බව සඳහන් මොහු පසුගියදා  කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවකු ලෙස හඳුනා ගැනුනේ හොරකමේගොස් සිටියදී ජනතාව විසින් අල්ලා පොලිසියට බාරදීමෙන් පසුවය.

ඒ පොලිසිය මොහුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවය.

සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරන ආකාරයට ජා ඇල සුදු වැල්ල , කොළඹ නාගලම් වීදිය , ගුණසිංහපුර යන ප්‍රදේශ රැසක කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම සොයාගෙන ඇත්තේ මේ ආසාදිතයා හරහා ය.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූයේ මේ සුදු වැල්ල ප්‍රදේශයේ සිටි මොහු ආශ්‍රය කළ මත්ලෝලීන් සෙවීමෙන් පසුව බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

රටේ ලෝකයේ තත්ත්වය !

අද (08) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 824ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 583ක් වන අතර සුවවී  ඇති ප්‍රමාණය 232ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ නිල ආරංචි මාර්ග පවසයි.

තවද මෙරට කොවිඩ් වසංගතය හමුවේ මියගිය සංඛ්‍යාව 09 ක් බව රජය සඳහන් කරයි.

එසේම ලෝක තත්ත්වය සැලකීමේදී මේ වන විට වාර්තා වී සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3917999කි. මරණයට පත්ව ඇති ප්‍රමාණය 270740ක් වන අතර සුවවූ ප්‍රමාණය 1392850කි.

තවද ලෝකයේ මේ වන විට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති රට ඇඇමරිකා එක්සත් ජනපදය වන අතර එහි සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 1292850කි. 76938ක් එරට මියගොස් ඇති අතර සුවය ලබා සිටින ප්‍රමාණය 217251ක් බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න