රාජ්‍ය සේවක වැටුපත් ඉල්ලන අතරේ : හම්බන්තොට වැඩකට බිලියන 15ක චීන ණයක් !

රාජ්‍ය සේවක වැටුපත් ඉල්ලන අතරේ : හම්බන්තොට වැඩකට බිලියන 15ක චීන ණයක් !

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා මාර්ග  යළි පිළිසකර කිරීම සදහා චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 15ක පමණ ණයක් ලබා ගැනීමට මහා මාර්ග අමාත්‍යංශය සැළසුම් කර ඇතැයි themorning.lk ඊ පුවත්පත වාර්තා කර තිබේ. 

ඒ, Development of 10 roadways in the South: Govt. to borrow Rs. 15 b from China යන ශීර්ෂයෙන් යුතුවය.

ඊට අනූව මෙම මුදලින් හම්බන්තොට මහා මාර්ග කිලෝමීටර් 105ක් පමණ යළි පිළිසකර කරන්න නියමිතය.

එම පුවත් වාර්තාවේ සිංහල පරිවර්තනය සංක්ෂිප්තව මෙසේය.

''මේ පිළිබද අනුමැතිය පසුගිය කැබිනට් රැස්වීමේදී විෂයභාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංදේශයට හිමි වුණු බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.

මෙම ව්‍යාපෘතියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරවල් 8ක් සහ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග 02ක් අයිතිවේ.

මේ පිළිබද අදහස් දැක්වූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට අනුව බෙලිඅත්ත – කිරින්ද, අකුරැස්ස – කඹුරුපිටිය, තංගල්ල – වීරකැටිය, වලස්මුල්ල – වීරකැටිය, වීරකැටිය – මිද්දෙනිය, වලස්මුල්ල – නතුවල, කටුවන – ඌරුබොක්ක, සුමිහිරිගම – නතුවල, වලස්මුල්ල – දේවාලේගම සහ නාරන්දෙනිය – හක්මණ යන මහා මාර්ග මෙම ව්‍යාපෘතිය යටතේ යළි පිළිසකර කිරීමට නියමිතය.

මේ පිළිබදව වැඩි විස්තර විමසූ විට මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රේමසිරි මහතා පැවසුවේ අදාළ කැබිනට් තීරණය මේ වන තෙක් අමාත්‍යංශයට දැනුම් දී නොමැති අතර ඒ පිළිබද ඔහු තවම දැනුවත් වී නොමැති බවයි.''

(උපුටා ගැනීම අවසන්- පරිවර්තනය : newsunlimited.lk)

රාජ්‍ය සේවක වැටුප ඉල්ලන අතර තවත් ණය ?

රජය මෙවැනි ණය මුදලක් ලබාගැනීමට යන්නේ,  මේවනවිට මුහුණ දී සිටින කොරෝනා වසංගතය තත්වය හා ව්‍යවස්ථා අර්බුද හේතුවෙන් ඉදිරියෙදී රජයේ වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් මතුව ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර අවධාරණය කරමින් සිටිය දිය.

එසේම, මෙලෙස ණය ලබාගැනීමට යන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් ද තොරවය. නීතියෙන් අවසරලත් ප්‍රමාණය ඉක්මවා ආණ්ඩුව කෝටි ගණනින් ණයට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයේ බරපතල කම දක්වමින් අගනුවර පර්යේෂණ ආයතනයකින් එළිදක්වන ලද අලුත්ම සංඛ්‍යාලේඛන අනුව මේ අවුරුද්දේ ගතවූ හාර මාසය තුල දී  පමණ ඉක්මවා රැගෙන තිබෙන ණය මුදල රුපියල් කෝටි දොළොස් දාහකි.

පසුගිය ඔක්තෝබරයේ දී පාර්ලිමේන්තුව අනුමත කළ අතුරු සම්මත ගිණුම අනුව ජනවාරි-අප්‍රේල් කාලපරිච්ඡේදය සඳහා ණය ලබා ගත හැකි වන්නේ රුපියල් බිලියන 721ක් දක්වා පමණකි.

එහෙත් මේ වනවිට ඩොලර් බිලියන 841 ක් දක්වා දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව විසින් ණයට ගෙන තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පෙන්වා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න