හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර ඇත.
කොළඹ මහාධිකරණය මගින් අද (13) පෙරවරුවේ ලබාදුන් ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍ර නියෝගයකට අනුව පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේ සුදුවෑන් රියදුරන් සම්බන්ධ මාධ්‍ය හමුවට අදාළ සිදුවීමේ තෙවන සැකකාර වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන එලෙස එලෙස නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණයේ තීන්දුව අධිකරණයට දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීන් හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය රහස් පොලිසියට අදාළ නියෝගය නිකුත් කළාය.

