ජුනි 20 ඡන්දය නෑ !

ජුනි 20 ඡන්දය නෑ !

මහ මැතිවරණය ජුනි මස 20 වැනි දින පැවැත්වීමට නම්  මැයි 15 වැනි දිනට පෙර මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර එය නිකුත් නොකිරීම නිසා ජුනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්වීමේ නීතිමය අවකාශය ඇහිරී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මහ මැතිවරණයේ ඡන්ද විමසීම තව දුරටත් දින නියමයක් නොමැතිව කල්ගොස් තිබේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව  තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මැතිවරණ කොමිසමේ ඊයේ (12) පැවති හමුවේදී මේ තීරණය ගෙන ඇත.

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජුනි මස 20 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර තීන්දු කළ නමුත් ඊට අදාළ මනාප අංක හා අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම කල් දැමීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස්වී මනාප අංක ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අදාළ තීන්දුව ගැනීමට නියමිතව තිබුණද  වාර්තා වන ආකාරයට  කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව එම ගැසට්ටුව ප්‍රකාශයට පත් කිරීම යළිත් වරක් කල් දමා ඇත.

මැතිවරණ කොමිසමේ ඊයේ  පැවැති රැස්වීමට මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇතැයිද එම පත්‍රිකාවට කොමිසමේ සාමාජිකයන් එකඟවූයේ නම් ඊයේ මධ්‍යම රාත්‍රියේදී මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න