ආටිගලගේ ආතතිය අවසන් : මුදල් අමාත්‍යංශයේ වැඩ බලන්න ගාමිණි සෙනරත් !

ආටිගලගේ ආතතිය අවසන් : මුදල් අමාත්‍යංශයේ වැඩ බලන්න ගාමිණි සෙනරත් !

අගමැති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාර වැඩ බලන ලේකම් පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ. 

මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාර ලේකම්, එස්.ආර්. ආටිගල මේදිනවල වෛද්‍ය උපදෙස් මත නිවාඩු ගෙන සිටීම ඊට හේතුව බවත් වාර්තා වෙයි.

පසුගිය දා ඔහුට හදිසියේ මතුවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර සිටි අතර එහිදී සිදුකළ සුළු ශල්‍ය කර්මයකින් පසු මේ දිනවල නිවෙසට වී විවේක සුවයෙන් පසුවේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ සිව්වන කොටස ඉදිකිරීම ටෙන්ඩර් පාටිපාටියකින් තොරව පෞද්ගලික සමාගමකට පැවරීමට අදාළ කැබිනට් පත්‍රීකාව සැකසීමේදී  රජයේ ප්‍රබල ලේකම්වරයකු සමග ඇතිවූ මත ගැටුමක් මත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දින කිහිපයෙහි දැඩි කම්පනයකින් සිටි බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඔහු පසුගිය දා තමන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට ම පවසා ඇත්තේ, අවස්ථාවක් ලැබෙන පළමු මොහොතේම තමා විශ්‍රාම යාමට බලාපොරොත්තු වන බවයි. එසේම ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කර සිටියේ ගැටළු සහගත මහා පරිමාණ ගනුදෙනු කිහිපයක් සම්බන්ධව මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස මැදිහත්වීමට සිදුව තිබීම ගැන ඔහු ආතතියකින් පසුවූ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න