රාජ්‍ය සේවකයන්ගේ මැයි මාසයේ වැටුප සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් යොමුකරන ලද ලිපියට අනුව හමුදා සාමාජිකයන්ගේ වැටුප් කැපීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් යවා ඇති බව lankaweb.lk වෙබ් අඩවිය අනාවරණය කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන) ඩබ්ලිව්. ඒ. කුලසූරියගේ අත්සනින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්‍යාලය වෙත මෙම ලිපිය යොමු කර ඇත්තේ ඊයේ (12) දින ය.
ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් ආමන්ත්‍රණය කරමින් යොමු කර තිබූ ආයාචනාත්මක ලිපිය, ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ ලේකම්වරයා චක්‍රලේඛයක් ලෙස හදුන්වා තිබේ.
ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයට අනුව ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතු සියලු පිරිස්වල මාසික වැටුප, වැටුපෙන් අඩක් හෝ දිනක වැටුප දක්වා සුදුසු පරිදි කපාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ලිපියේ දක්වා ඇත.
මේ අතර පසුගියදා විද්‍යුත් නාලිකාවක වැඩසටහනක අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජික වසන්ත සමරසිංහ ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ වැටුප් කැපීමක් සම්බන්ධව අදහස් දැක්වීය.
එය පහත දැක්වෙයි.

