Language Switcher

V2025

චම්පිකට එජාපයේ ඉහළ තනතුරක් !

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් බාර ගන්නැයි ඉල්ලීමක් ලැබී ඇත.

එජාප සභාපති මලික් සමරවික්‍රම හා මහ ලේකම් කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විසින් එම ඉල්ලීම කල බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට පත් කිරීමට තීරණය කර ඇති අතර බලතල සහිත නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

එසේම, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ වසර අගදී ප්‍රකාශයට පත්කිරීමට ද එජාපය තීරණය කර තිබේ.

සජිත් බැහැ කියලා !

කෙසේවුවද පසුගිය ඉරිදා 'රාවය' පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර ඇත්තේ, එළැඹෙන 2020 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් නායකත්වය ලබාගෙන එජාපය වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙන්න යැයි එජාපයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට කළ යෝජනාව ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයට පසුව ආණ්ඩුව තුළ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එජාපයේ ඉහළ පෙළේ සාමාජිකයන් එකතු වූ සිරිකොතේ පැවති රැස්වීමක දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුව තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග එජාපයේ නායකත්වයේද වෙනසක් කළ යුතු යැයි පක්ෂය තුළ ලොකු හඬක් නැවත මතුවී තිබෙන අතර මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කරන්නට ඇතැයි වාර්තා වෙයි.

එජාපයට ත්‍රිපුද්ගල නායකත්වයක් !

wicramabahu karunaratne''එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ප්‍රශ්නයක් පවතිනවා'' - වික්‍රමබාහු

 ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන ගනුදෙනුව වැඩි කළක් පැවතීම ගැන සැක පහල කරන යහපාලන රජය පිහිටුවීම වෙනුවෙන් කැපවු වාමාංශික නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳීමට ත්‍රිපුද්ගල නායකත්වයක් යෝජනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ප්‍රශ්නයක් පවතින බව නව සම සමාජ පක්ෂ නායකයා සදහන් කරයි.

“රනිල් ලිබරල්වාදී නායකයකු ලෙස වැඩ කළත් ඔහුට තමන්ගේ මතවාදය සහ තමන් සමග එකට වැඩ කරන ක්‍රියාකාරී දේශපාලන නායකයන්, පහල මට්ටමේ අයත් එක්ක දේශපාලන ගනුදෙනුවක් හරියාකාරව ගෙනියන්න බැරි කෙනෙක්” යැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා චෝදනා කරයි.

ඔහු ඒ බව සදහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් අද (19) සදුදා කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

sajitth rw rs 1000xහැකියාව තිබෙන තිදෙනෙක්

තම මතය සාරවත් ලෙස ඉදිරියට ගෙනයාමට බැරි ප්‍රශ්නයක් අගමැතිවරයා සතුව පවතින බව පවසන ආචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ, ප්‍රහාරාත්මකව ජනතාව පෙළ ගස්වා ගෙනයන ක්‍රියාමාර්ග වලදීත් ඔහුට සාර්ථකව රැඩිකල් ජන නායකයකු ලෙස පෙනී සිටීමේ අපහසුතාවයක් පවතින බවයි.

ඒ හේතුවෙන් එම කටයුතු සදහා හැකියාව තිබෙන පක්ෂයේ ප්‍රධාන පිරිස් අතරින් කිහිපදෙනකු සිටින බවත් ඔවුහු අගමැතිවරයා සමග ‘සම්මාදම්’ විය යුතු බවත් නව සම සමාජ නායකයා යෝජනා කරයි.

යම් මතවාදයක් නිවැරදි ලෙස ජනතාව අතරට ගෙන යා හැකි ජනතා නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන ආචාර්ය වික්‍රමබාහු මහතා පවසන්නේ ප්‍රහාරාත්මකව විවාදාත්මකව සහ පහර ගැසීම තුලින් ජනතාව අවුස්සා පෙළ ගස්වා ඉදිරියට ගෙන යාමට හැකි නායකයකු ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉතා දක්ෂ ලෙස මතුව සිටින බවයි.

ඉදිරියට යාමේ හැකියාවක් :

සජිත් ප්‍රේමදාස සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ගේ සහාය පවතී නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට ඉදිරියට ගමන් කළ හැකි බවට විශ්වාසය පල කරන වාමාංශික නායකයා ඔවුන් තිදෙනා සම අයිතියක් පවතින පිරිසක් ලෙස එකරාශි කරගැනීමට අගමැතිවරයාට හැකිනම් පහල මට්ටමේ ජනතාව තදින් පෙළ ගැස්වීමේ හැකියාවක් පවතින බව සදහන් කරයි.

එවැනි ක්‍රියාමාර්ගයක් තුළින් දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ ආධාරය එක්සත් ජාතික පක්ෂය වෙත ලැබෙන අතර පාර්ලිමේන්තුව තුළ බහුතරයක් ඇති කරමින් ඉදිරියට යෑමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව පවතින බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එහිදි වැඩි දුරටත් සදහන් කළේය.

(මූලාශ්‍රය - radiogagana)

වීඩියෝ

සබැඳි පුවත් :
එජාපයට 'අලුත් අනාගත නායක පරපුරක්'