ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මැයි 17 දා

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මැයි 17 දා

ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය මෙවර ද මැයි මස 17 දාට යෙදී තිබේ. සෑම වසරකම මැයි මස 17 දමම දිනය යෙදී ඇත්තේ, 1865 වසරේ මැයි මස 17 දින පළමු විදුලි සංදේශ පණිවුඩ සම්මුතියට පැරීසිදේ දී අත්සන් තැබීම පදනම් කර ගෙනය. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (International Telecommunication Union - ITU) බිහිවීම ද එදින සිදුවිය.

මෙවර ලෝක විදුලි සංදේශ දිනයේ ‍තේමාව ලෙස සැලකෙන්නේ, "2030 සම්බන්ධ කරමු: තිරසාර සංවේධන ඉලක්ක (SDGs) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය" [“Connect 2030: ICTs for the Sustainable Development Goals (SDGs)"] යන්නයි.

විශේෂයෙන් තොරතුරු සමාජ දියුණුව සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ දායකත්වය ද එදිනට සිහිපත් කෙරේ. 2020 - 2023 සංගමයේ උපාය මාර්ගික සැලැස්මට අනුව ඉදිරි වසර 10 තුළ එක්සත් ජාතීන් දේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) සාක්ෂාත් කර ගැනීම සඳහා තොරතුරු සන්නිවේදන ක්දෂේත්‍රදයන් දායක වන්දන් කෙසේද යන්න කෙරෙහි මෙහි දී විදශේෂ අවධානය යොමු කරයි. තොරතුරු සන්නිදේදන තාක්ෂණය හා ගෝලීය අන්තේ සම්බන්ධතාව ව්ප්ත‍ය වීම, මානව ප්‍රගතිය වේගවත් කිරීමට හා ඩිජිටල් බෙදීම් අවම කිරීමට විශාල විභවයක් ඇති බව එක්සත් ජාතීන්දේ මහා මණ්ඩලය යෝජනාවකින් සම්මත කෙරුණි.

එහිදී 2030 දී තිරසාර සංවර්ධනය සඳහා වූ නයාය පත්‍රය හා තිරසාර සංවර්ධන ඉලක්ක 17 ද පිළිගැණුනි. "2030 සම්බන්ධ කරමු: තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා දතොරතුරු හා සන්නිවේදන තාක්ෂණය" යන තේමාව මගින් ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ සාමාජිකයන්ට සුහුරු හා තිරසාර සංවර්ධනයකට (Smart and Sustainable Development) මාරුවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණදේ දියුණුව පිළිබිඹු කිරීමට ඉඩ සැලදසේ. "2030 සම්බන්ධ කරමු" නයාය පත්‍රදේ උපාය මාේගික අරමුණු සමග දායක ‍වෙමින් ආර්ථික, පාරිසරික හා සමාජ තිරසාරභාවය ප්‍රවේධනය කිරීම සඳහා විශේෂිත, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සක්‍රීය විසඳුම් හා නැගී එන නව ප්‍රවණතා කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න