Language Switcher

V2025

අන්තවාදී තර්ජන ගැන අදින බේගල්වලට අහුවෙන්න එපා : ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමඟ යවන ප්‍රචාර සමාජ මාධ්‍ය ජාල තුල පැතිරෙමින් ඇති බවත් ඒවා  සත්‍යයෙන් තොර බවත් ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.
 
ආරක්ෂක අමාත්‍යාංශය එහි ලේකම් උපුටා දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
 
එම ප්‍රකාශ වලට නොමඟ නොයන ලෙසත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු බුද්ධි අංශ ජාලයක් බවට පත්කර අභ්‍යන්තර හා බාහිරව ආරක්ෂාවට ඇති තර්ජන සම්බන්ධව බුද්ධි තොරතුරු රැස් කිරීම නිසි ලෙස සිදුවන බවත්  එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
 
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
 
Screenshot 20200519 171915
 
විරුවා අමාරුවේ දැමූ හිරු පුවත
 
මේ අතර ඊයේ හිරු රූපවාහිනිය වාර්තා කර සිටියේ "හිරු නිව්ස් " වෙත සයිබර් ප්‍රහාරක් එල්ලවී ඇති බවත් එය එල්ටීටීඊය විසින් සිදුකරන ලද බවත් ය.
 
ඔවුන් එයට ප්‍රවෘත්තිමය වැඩි වටිනාකමක් එක් කළේ  යුද සැමරුම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් කරමින්ය.
 
gota kamal 1000px
 
බැලූ බැල්මට රටේ පැවැති සිවිල් යුද තත්ත්වයක් නිමාවීම රසකර තළුමැරීමේ කොටස්කාරවීමේ අපේක්ෂාවට වැඩි දෙයක් එහි තිබුණේ නැත.
 
අවම වශයෙන් ආරක්ෂක අංශය හරහා හෝ එවැන්නක් තහවුරු කර පුවත පළ කිරීම පිළිගත් ක්‍රමවේදය වුවත් එයත් සිදුනොකර " දේශප්‍රේමි ලකුණු " රැස්කර ගැනීමේ  උත්සාහයක් එයින් නිරීක්ෂණය විය.
 

කෙසේ නමුත් අවසානයේ සිදුවූයේ  2009 වර්ෂයේ දී මේ රටින් එල්ටීටීඊය මුළුමනින්ම වනසා දැමූ බව වසර දහයකට අධික කාලයක් පුරා ප්‍රකාශ කළ නමුත් මෙම හිරු පුවතට අනුව එල්ටීටීඊය තවමත් සක්‍රීයව කටයුතු කරන්නේ දැයි සැකයක්  මතුවීමය.

එසේම රාජපක්ෂ බල ව්‍යාප්තිය වූ  එල්ටීටීඊ යුද්ධය ජයග්‍රහණය කර ඒ හරහා නැවත නැවත් මේ රටේ බලය ලබාගැනීමත් අර්බුදයට ලක් කරන්නක් සහ පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තම ප්‍රබල  සටන් පාඨ ලෙස ඉදිරිපත් කළ අතර එයත් මේ  පුවත සමග බරපතල ප්‍රශ්නාර්ථයක් බවට පත් කෙරිණ.

ජාතිවාදී අන්තවාදී සාවද්‍ය පුවත් මැව්වන්ට සොරි !

එම පුවතත් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයත් අතර සම්බන්ධයක් ඇත්දැයි අප දන්නේ නැත. 

නමුත් පටු පරමාර්ථ ඉටු කර ගැනීමට පසුගිය ආණ්ඩුවේ තහවුරු කර තිබූ භාෂණ හා ප්‍රකාශන නිදහස  ජඩමාධ්‍ය බවට පත්කරගත් ඒ හරහා උදේ සිට රෑවෙන තුරු ජාතිවාදී සහ අන්තවාදී බිල්ලන් මැවු කාට කාටත් ඒ කටයුතු අවසන් කරන්නට සිදුවන තත්ත්වයක් පෙන්නුම් කරයි.

එසේම පොදුජන පෙරමුණ බලයට ගැනීම වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා බොරු  බිල්ලන් මවමින් ජාතික සමගියට වින කෙටු කෙරුමන්ටත් නිවාඩු යන්නට සිදුවන තත්ත්වයක පණිවිඩයක් ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය සැලකිය හැකිය.