26 සිට රටටම ඇඳිරි නීතිය රෑට විතරයි : කොවිඩ් ආසාදිතයින් 1085 දක්වා ඉහළ යයි !

26 සිට රටටම ඇඳිරි නීතිය රෑට විතරයි : කොවිඩ් ආසාදිතයින් 1085 දක්වා ඉහළ යයි !

එළැඹෙන අඟහරුවාදා එනම් මැයි 26 වනදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක මූලික කර පනවා තිබූ ඇඳිරි නීතිය  නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ඒ අනූව සමස්ථ දිවයින කෙරෙහි ඇඳිරි නීතිය බලපවත්වනු ලබන්නේ රාත්‍රි කාලයේ පමණි.

කොළඹ ගම්පහ හැර අනෙක් දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඉඩ !

එහෙත් හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.

එසේම  මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර නිකුත්කර ඇත.

කොවිඩ් ආසාදිතයින් ඉහළට !

තවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අද (23) සවස   කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තාවී ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 416 ක් බවයි.

මේ වන විට COVID 19 ආසාදිතව මෙරට තුල පුද්ගලයින් 9දෙනෙකු මිය ගිය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න