විෂය නිර්දේශ අවසන් නෑ : A/L පැවැත්වීමට වෙලාව නොවෙයි !

විෂය නිර්දේශ අවසන් නෑ : A/L පැවැත්වීමට වෙලාව නොවෙයි !

නියමිත පරිදි විෂය නිර්දේශ ආවරණය  නොකර අපොස උසස් පෙළ  විභාගය පැවැත්වීම මේ මොහොතේ සුදුසු නොවන බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම්  නාගස්තැන්නේ අරුණ හිමියන් මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත්කර ඇති අතර උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර අනුගමනය කළ යුතු බවට  වන යෝජනා 6ක් ද  අධ්‍යාපන බලධාරීන් වෙත යොමුකිරීමටත් එහිදී ක්‍රියාකර ඇත.

 නාගස්තැන්නේ අරුණ හිමියන් විසින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය වෙනුවෙන් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

“නියමිත පරිදි විෂය නිර්දේශ අවාර්ණය නොකර 2020 අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීම යාම සම්බන්ධවයි."

ලෝක පරිමාණයෙන් වසංගතයක් වූ කොරෝනා වෛරසයේ බලපෑමෙන් අපේ රටට ද වැලැක් වී සිටීමට නොහැකි විය. එහි බලපෑම අනෙකුත් ක්ෂේත්‍රයන්ට මෙන්ම අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ද සිදුකරණලද බලපෑම සුසුළුපටු නොවේ. එහි දී පාසල් අධ්‍යාපනයට ද විශාල බලපෑමක් මේ වනවිටත් සිදු වී හමාරය.

ඉහත වසංගත තත්වය ව්‍යාප්ත වීම නිසා අපේ රටේ පාසල් සදහා නිමාඩු ලබාදීමට සිදුවන්නේ පළමු වාර විභාගයවත් පැවත්වාගත නොහැකි වටපිටාවක් තුලය. වෛරසය ආරම්භ වන විට උසස් පෙළ හා අනෙකුත් විභාග සදහා පාසල් පංති කාභරයේ මෙන්ම ඉන් පිටත උපකාරක පංති තුලත් අධ්‍යාපන කටයුතු නියමිත් පරිදි සිදුකරමින් සිටි අතර හදිසියේ ඇති වූ මෙම වෛරස් තත්වය නිසා එම සියළු අධ්‍යාපන කටයුතු නොසිතූ මොහොතක නතර කරන්නට සිදු විය.

මෙහිදී අනෙක් සිසුන්ට සාපේක්ෂව ප්‍රධාන වශයෙන් බලපෑම එල්ල වූයේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණු දෙන අපේක්ෂක සිසුන් වෙතය. මන්ද ඒ වන විටත් ඔහුන්ගේ විෂය නිර්දේශයන් නියමිත පරිදි ආවරණය නොවීම නිසාවෙනී. මෙයට අමතරව ගිය වසරේ දී ද අප්‍රේල් මාසය තුල සිදු වූ අවසනාවන්ත බෝම්බ ප්‍රහාරය නිසා මෙම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මාස එකහමාරකට ආසන්න කාලයක් මගහැරුණු අතර, මේ අවුරුද්දේ ද දැනට මාස දෙකකට වැඩි කාලයක් සිය අධ්‍යාපන කටයුතු මගහැරී ඇත. මෙම තත්වයට යම් විසදුමක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හදුන්වා දුන්නද එයද අපේ රටේ බහුතරයක් සිසුන්ට විවිධ අපහසුතා නිසා යථාර්ථයක් කරගැනීමට නොහැකි වී ඇත. ඒ අතර තාක්ෂණික උපකරණ නොමැතිවීම, ඒ සදහා අවශ්‍ය දත්ත (DATA) නොමැතිකම ආදියද බලපා තිබේ. මෙයට අමතරව ඇතැම් සිසුන් නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදුකරණ අතර, ඇතී වූ හදිසී තත්වයත් සමග විභාගයට අවශ්‍යකරණ සියලු සටහන්ද ඔහුන්ගේ නිවෙස් වෙත ගෙන ඒමට නොහැකි වී ඇත.

මෙම තත්වය තුල ගුරුවරයෙකු නිවසට ගෙනවිත් මගහැරුණු විෂය නිර්දේශ අවාර්ණය කරගැනීමට උත්සහ ගත්තද එයද මේ මොහොතේ ප්‍රායෝගික නොවේ. මන්ද යත් ඒ සදහා ප්‍රමාණවත් කාලයක් නොමැතිකම හා එසේ කිරීමට තරම් අපේ රටේ බොහෝ සිසුන්ගේ දෙමාපියන්ට ආර්ථික හැකියාවක් නොමැත.විෂය නිර්දේශයන් ආවරණය නොකර විභාගය පැවැත්වීමෙන් සිසුන්ගේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටළු සහගත තත්වයක් මතු වේ.

යෝජනා 6ක් අධ්‍යාපන බලධාරීන්ට !

ඉතත කාරණා දෙස අවදානයෙන් යුතුව බලන ඕනෑම කෙනෙකුට පෙනෙණ කාරනය වන්නේ නියමිත පරිදි විෂය නිර්දේශ ආවරණය  නොකර විභාගය පැවැත්වීම මේ මොහොතේ සුදුසු නොවන බවයි. 

මෙම තත්වය දෙස ඕනෑකමකින් යුතුව බලන පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ලෙස අප පහත සදහන් කාරණා යෝජනාකර සිටිමු.

*නියමිත පරිදි විෂය නිර්දේශ අවාර්ණය නොකර උසස් පෙළ විභාගය නොපවත්වන ලෙසත්,

*විෂය නිර්දේශ අවාර්ණය සදහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙසත්,

*සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන් හී ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න ලෙසත්,

*එම කමිටු තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කරණ ලෙසත්,

*අනෙකුත් රටවල් මේ සදහා ගෙන ඇති ක්‍රියාමර්ග මොනවාද යන්න සොයා බලා සමාලෝචනයක් සිදුකරගන්නා ලෙසත්,

*දුරස්ථ අධ්‍යාපන කටයුතු කරණ සිසුන් හට සහසහනදායී පදනමක් යටතේ දත්ත (DATA) ලබාදීමට අදාල ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් එකගතාවයකට එන ලෙසත්, අප යෝජනා කර සිටිසිටින්නෙමු.

ඉහත ත්ත්වයන් කෙරෙහි සිය අවදානය යොමුකර මෙහි සදහන් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාල බලදාරීන් වෙත පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ලෙස අප නැවතත් අවධාරණය කර කියා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න