2025 NDTV ලෝක සමුළුව අද ආරම්භ වේ.
ඒ නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී.
අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව මෙවර සමුළුවේදී අවධානය යොමු වේ.
රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්ථ ව්‍යාපාර නිර්මාතෘවරුන්,නවෝත්පාදකයින්, හා සමාජ සංස්කෘතික කෘතහස්තයින් එකම වේදිකාවකදී නවමු සංවාදයකට පෙළ ගැසීම එම සමුළුවේ අරමුණයි.
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දේශනයක්ද පැවැත්වීමට නියමිත වේ.
සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් ය.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද සමුළුව ඇමතීමට නියමිතයි.
මේ අතර ඉන්දීය සංචාරයක නිරත අග්‍රමාත්‍යවරිය අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවේ.
ඊයේ ඇය ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවුණි.
2025 NDTV ලෝක සමුළුව, හෙටින් අවසන් වේ.
"Looking Forward To The NDTV World Summit": Sri Lankan PM Harini Amarasuriya