සේවක ප්‍රමාණය සීමාකර : පෞද්ගලික - රාජ්‍ය ආයතන කටයුතු සිදුකරන්න !

සේවක ප්‍රමාණය සීමාකර : පෞද්ගලික - රාජ්‍ය  ආයතන කටයුතු සිදුකරන්න !
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව  සිමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ ඉල්ලීමක් කරයි.
 
සමස්ත කාර්ය මණ්ඩලය තුනෙන් එකක්ද නොමැති නම් අඩක්ද යන්න ඒ ආයතන ප්‍රධානීන්  තීරණය කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
 
කොළඹ හා ගම්පහ මෙරට වැඩිම ජන ඝනත්වය ඇති දිස්ත්‍රික්ක දෙක බැවින් එම ප්‍රදේශ දෙක තුළ කොරෝනා ව්‍යාප්තිය පොකුරු ලෙස පැතිරයෑමේ අවදනමට ඉක්මනින්ම ලක්වීමට හැකි බවද ජාසිංහ පෙන්වා දෙයි.
 
 එම නිසා රටේ ආර්ථික කටයුතු ආරම්භ කර පවත්වාගෙන යෑමේදී අදාළ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතු බවද අවධාරණය කරන ආයතනවල සේවක පිරිස සීමා කරන ලෙසද ඔහු ඉල්ලා  සිටියි.
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න