Language Switcher

V2025

අති අසාර්ථක කිරි ගවයන් ආනයනයට ආණ්ඩුව සූදානම් : 2500 කට කැබිනට් අනුමැතිය !

කෝටි ගණනක් මුදල් අපතේ ගිය ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමට වත්මන් ආණ්ඩුවද සූදානම් වන බව වාර්තා වේ.

ඒ බව අනාවරණය වන්නේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේදී සමකැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  විසින් සිදු කළ ප්‍රකාශය සමගය.

කැබිනට් මාධ්‍ය හමුවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පැවසුවේ, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ⁣මෙම තීරණය දේශීය කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ රජයේ ප්‍රතිපත්තියේ එක් කොටසක් බවය.

ඒ අනුව කිරි ගවයින් 2500ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර කිරි ගවයින් ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගෙනැවිත් නොගැලපෙන කාලගුණය හේතුවෙන් කිරි ගවයින් සමූහ වශයෙන් මියගොස් වසරක් යාමටත් මත්තෙන් මෙම තීරණය ගෙන තිබීමය.

මේ තීරණය සම්බන්ධව ගොවි සංගම් දැඩි විරෝධයක් දක්වයි.

සමස්ථ ලංකා ගොවි සම්මේලනය මේ ගැන පවසන්නේ  මීට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව සකස්කල ගිවිසුමක් අනූව කිරි ගවයන් ආනයනය සිදුවූ බවත් කොමිස් කුට්ටිය ඉහළ බැවින් පසුව පැමිණි යහපාලනය ද එඑම ගිවිසුම අහෝසි නොකර පවත්වා ගෙන සිටි බවය.

 මෙලෙස  මෙරටට ආනයන කළ කිරි ගවයින් ගැන බොරු සහතික ලබාදී ගොවීන් වෙත මුදලට ලබාදුන් බවත් බලධාරීන් පැවසූ පරිදි එම කිරි ගවයින්ගෙන් ප්‍රයෝජනයක් නොවූ බවත් විවිධ ලෙඩ රෝග නිසා එම කිරි ගවයින් මිය ගිය බවත් ගොවි නියෝජිතයන් චෝදනා කරයි.

 ඒ හේතුවෙන් තමන්ට බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිය විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වූ බවත් මෙරට නොතිබුණු රෝග පවා එම කිරි ගවයින්ට වැලඳී තිබූ බැවින් එම රෝග මෙරට ගවයින්ටද බෝ වුන බවත් ගොවියන් චෝදනා කරයි.